දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි.
Homeගොසිප්

ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි.

PropellerAds

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක්‍රම...

කුලප්පුවීමට නියමිත තනි අලියා රවී (බදාදා කාටූන්)
අද 26 මැදියම් රැයේ සිට බස් ගාස්තු අඩු වන මිල ගණන්
ලංකාවට බලපෑ සුනාමියට අදට වසර 14 යි - මිනිත්තු 2 ක නිහඬතා සැමරුමක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කිරීමට යෝජනා වී තිබේ. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, වර්තමානයේදී සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග නිකුත් කරනු ලැබේ.

වර්තමානයේ පවතින වීසා වර්ග සහ ඒ සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමටත්, දැනට ශ්‍රී ලංකා රුපියල්වලින් අය කරනු ලබන වීසා ගාස්තු ඇමරිකානු ඩොලර්වලින් අය කිරීමටත් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, පහත සඳහන් අංගද වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඇතුළත් කරමින් 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 14වන වගන්තිය හා අදාළ රෙගුලාසි යෝග්‍ය වන පරිදි සංශෝධනය කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය යටතේ වන ක්ෂේත්‍රයන්හි ආයෝජිකයින්/සේවකයින්ට අදාළ නේවාසික වීසා නිර්දේශ කිරීමේ බලය ආයෝජන මණ්ඩලය අයත්වන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරීම.

* වලංගු වීසා කාලය ඉක්මවා සිටින විදේශිකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරීම.

* විදේශීය ශිෂ්‍යයින් සඳහා සම්පූර්ණ අධ්‍යයන කාල පරිච්ඡේදය සඳහා නේවාසික වීසා ලබා දීම.

* ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000කට වැඩි මුදලක් ප්‍රේෂණය කරනු ලබන විදේශිකයින්ට අවුරුදු 10ක කාල සීමාවක් සඳහා නේවාසික වීසා නිකුත් කිරීම.

* ශ්‍රී ලාංකික පුරවැසියකු හා විවාහ වී සිටින විදේශීය කලත්‍රයා සඳහා වසර 05ක කාලසීමාවක් සඳහා කලත්‍ර වීසා ලබා දීම සහ ඔවුන්ගේ දරුවන්ටද වීසා ලබා දීම.

* සිය ශ්‍රී ලාංකේය කලත්‍රයන් මියගිය විදේශීය කලත්‍රයන් සඳහා මෙන්ම, ශ්‍රී ලංකාව තුළ වසර 10ක කාලයක් අඛණ්ඩව වාසය කරන ලද හෝ වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින විදේශීය කලත්‍රයන් සඳහා රැකියාවක නිරත වීම පිණිස අවුරුදු 02ක කාලසීමාවකට නේවාසික වීසා ලබා දීම.

* ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැති, දැනටමත් විදේශීය රටක පුරවැසිභාවය ලබා ඇති, ශ්‍රී ලාංකිකයන්ව සිටි පුද්ගලයින් හට ස්ථිර නේවාසික වීසාවක් (Permanent Residence Visa) ලබා දීම.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි.
ශ්‍රී ලංකාවේ වීසා ප්‍රතිපත්තිය වෙනස් වෙයි.
http://ift.tt/2ANeOZ2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_641.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_641.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy