වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පසුගිය වසරේ මැයි මාසයේ සිට සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු ස්ථීර නියෝජ්‍ය ...
වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පසුගිය වසරේ මැයි මාසයේ සිට සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු ස්ථීර නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස ජාතික පොලිස් කොමිසම විසින් පත්කර තිබේ.
ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී ඩී.ජී.එන්. ජයවර්ධන, කොළඹ දිසාවේ පොලිස් ප්‍රධානී එල්.එස්. පතිනායක, වන්නි දිසාවේ පොලිස් ප්‍රධානී ටී.එම්.ඩබ්ලිව්.ඩී. පතිනායක, මඩකලපුව දිසාවේ පොලිස් ප්‍රධානී ඩබ්ලිව්.ජේ. ජාගොඩආරච්චි, නුවරඑළිය දිසාවේ පොලිස් ප්‍රධානී පී. මුණසිංහ යන නිලධාරීන් 05 දෙනා ඉකුත් වසරේ මාර්තු 31 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ ස්ථීර සේවයේ පිහිටුවා ඇත.
ජනපති ආරක්ෂක දිසාවේ එල්.එෆ්.ආර්.ජේ. සිල්වා, පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථාන ප්‍රධානී ජී.එස්. වල්ගම සහ මේ වනවිට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින එම්.එච්. මාර්ෂෝ යන නිලධාරීන් 2016 මැයි 10 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ස්ථීර කර තිබේ.
COMMENTS