ඉ දිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් සියලු සිංහල දෙමළ ජනතාව එකතු වන්නේ නම් ශක්තිමත් නායකයෙකු බිහිකල හැකි බවට පාර්ලිමේන්තු මන්ත...
ඉදිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් සියලු සිංහල දෙමළ ජනතාව එකතු වන්නේ නම් ශක්තිමත් නායකයෙකු බිහිකල හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ බව පවසා සිටියේ යාපනය අචුච්වේලි ප්‍රදේශයේදී දෙවන වරටත් බෞද්ධ හින්දු සංස්කෘතික සංසදය විසින් සංවිධානය කරන ලද වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම වැඩසටහනට සහභාගී වී ජනතාව අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ,
‘ලංකාව ලෝකයේ තිබෙන ඉතාම ලස්සන රටක් ඒ වගේම සම්පත් තියෙන රටක් එහෙනම් ඇයි අපේ රට දුප්පත් ඇයි අපේ රට අසමගි ඇයි අපේ රට තුල අසමගියක් ඇත්තේ මේ සඳහා අපිම උත්තරයක් සොයා ගත යුතුයි.
‘මේකට උත්තරය තමයි අපේ රටට නිදහසින් පසුව අපට හොඳ ශක්තිමත් නායකයෙකු බිහිකරගන්න බැරිවුනා එහෙම බිහිකරගත්තොත් තමයි ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ ඒක අපි ඕකකම එකතුවෙලා විශේෂයෙන්ම දෙමළ සිංහල අපි ඔක්කම එකතුවෙලා හොඳ මිත්‍රත්වක් තියනවනම් මේක විසඳගන්න පුලුවන්.
මේ පලාතේ ආර්ථිකය දියුණු කරනවනම් කොහොමද කර්මාන්ත ඇති කරන්නේ මොන වගේ කර්මාන්තද යාපනයේ කරන්න පුලුවන් යාපනය දියුණු කරන්න පුලුවන් කොයි විදිහටද මට ඒ ගැන අදහසක් තියනවා මට හිතෙනවා ඉදිරි අවුරුදු පහේදී විශාල සංවර්ධනයක් මේ පලාතේ කරන්න පුලුවන් ඉදිරියේ අපි එහෙම සැලස්මක් ඉදිරිපත් කරන්න බලාපොරෝත්තු වෙනවා ඉදිරියේදී පැමණෙණ ජනාධිපතිවරනයේදී අපි කවුරුත් එකතු වෙලා කතාබහ කරල මුලු රටටම ශක්තිමත් නායකයෙක් බිහිකරන්න ඕන ඒකට අපි එකතු වෙලා වැඩ කරමු කියා මා ඉල්ලා සිටිනවා. යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS