2008 වසරේදී පැහැර ගන්නා ලද මෙකී ද්‍රවිඩ ජාතිකයා සතුව තිබූ වෑන් රථයක් ද කැබලි කොට විකිණීම සම්බන්ධයෙන් මෙම රණවිරුවාට එරෙහිව සාක්ෂි ගොනු...
2008 වසරේදී පැහැර ගන්නා ලද මෙකී ද්‍රවිඩ ජාතිකයා සතුව තිබූ වෑන් රථයක් ද කැබලි කොට විකිණීම සම්බන්ධයෙන් මෙම රණවිරුවාට එරෙහිව සාක්ෂි ගොනු වෙමින් පවතී.
යුධ සමයේ පැහැර ගන්නා ලද මෙම ද්‍රවිඩ ජාතිකයා වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා ප්‍රශ්න කොට ඇති අතර ඔහු සතු වූ වෑන් රථය කැබලි කොට විකුණා ඇත්තේ ද එකී හමුදා කඳවුර තුලදී ය. කඳවුර තුලදී කැබලි කරන ලද අදාල වෑන් රථය කොටසින් කොටස කඳවුරෙන් පිටතට ගෙන ගොස් නැවත එකලස් කොට ඇති අතර අදාළ වෑන් රථයද මේ වන විට එක්තරා ස්ථානයක තිබී රහස් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
ඊට අමතරව පැහැර ගන්නා ලද ද්‍රවිඩ ජාතිකයා මුදා හැරීම සඳහා ඔහුගේ පවුලේ උදවියගෙන් මෙකී නාවික හමුදා නිලධාරියා කප්පම් ලබාගෙන ඇත.
දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන ලුතිනන් කොමදෝරුවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් විශාල විරෝධයක් රහස් පොලිසියට එල්ල වෙමින් පවතී. කෙසේ වුවද මෙම නිලධාරියාව තව නොබෝ වේලාවකින් කොළඹ අංක 03 මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමට නියමිතව ඇත.
මේ පිළිබඳව ලංකා නිවුස් වෙබ් වෙත කරුණු දැක්වූ නාවික හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ ‘ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවන්ට දිගින් දිගටම රහස් පොලිසියෙන් පීඩාවන් සිදුවන බවයි. එය රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය බිඳ වැටීමට හේතු වන බැවින් රජය ඒ පිළිබඳව වහා අවධානය යොමු කළ යුතු බව' හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
COMMENTS