පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියේ බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා බුද්ධි තොරතුරු මාධ්‍යට අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත...
පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියේ බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා බුද්ධි තොරතුරු මාධ්‍යට අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරින් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලූදෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කර තිබෙනවා.
ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදාළ මෙහෙයුම්වල දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ප‍්‍රදානයන් ලබාදීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුනු අතර එමෙන්ම සයින්දමරුදු ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් රැදී සිටි ස්ථානය පිළිබඳ දැනුම් දුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙත ද ලක්ෂ 10 බැගින් මුදල් පරිත්‍යාග කිරීමද එහිදී සිදු කෙරිණි.
COMMENTS