මෙම මාසය තුළ දිවයින පුරා ඩෙංගු බවට සැකකෙරෙන රෝගීන් 6508ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එම අංශය සඳහන් කළේ ඩෙංගු රෝගීන්ගෙ...
මෙම මාසය තුළ දිවයින පුරා ඩෙංගු බවට සැකකෙරෙන රෝගීන් 6508ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එම අංශය සඳහන් කළේ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 43යි දශම අටයි තුනක පමණ පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ මාසයේ පළමු සතිය තුළ දී වාර්තා වී තිබේ.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
උණ රෝගය වැළදී දින තුනක් ඉකුත් වු පසුත් රෝගය පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුම්දීමක් කරයි.
COMMENTS