වී නිකුත් කිරීමේදී වී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට ඇතමුන් චෝදනා නඟන බවත් තමා එසේ කළ බවට ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධූරයෙන...
වී නිකුත් කිරීමේදී වී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට ඇතමුන් චෝදනා නඟන බවත් තමා එසේ කළ බවට ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් සහ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ සහල් සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මීට පෙර වී නිකුත් කිරීම කළේ ඇමතිතුමාගේ ලිපියකට අනුව බවත් එහෙත් වත්මන් ආණ්ඩුව යටතේ වී අලෙවි මණ්ඩලය හරහා ටෙන්ඩර් කැඳවා ටෙන්ඩර් පටිපාටියකට අනුව වී නිකුත් කිරීම සිදුකළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී හෙතෙම මෙසේද පැවසී ය.
“ඒ වගේම එතන තිබුණ ප්‍රශ්නයක් තමා එකම පුද්ගලයා වී ගන්න ටෙන්ඩර් කිහිපයක් දාන එක. ඒත් ටෙන්ඩර් ලබා දිය යුත්තේ වැඩිම මිලට ටෙන්ඩරය දාලා තියෙන කෙනාට නිසා අපි ඒ අනුව ටෙන්ඩර් ලබා දුන්නා. වී නිකුත් කිරීම ගැන මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් දාලා තිබුණා. ඒකෙදි තීරණයක් ගත්තා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වෙන මෝල් හිමියන්ට පමණක් වී නිකුත් කිරීම කළ යුතුයි කියලා. මීට පෙර එහෙම ක්‍රමයක් අනුගමනය කරලා තිබුණෙ නැති නිසා වී අලෙවි මණ්ඩලයට පාඩු වුණා. මේ තීරණය අනුව මෝල් හිමියන් 307 ක් ලියාපදිංචි වුණා. කොහොම වුණත් දිස්ත්‍රික්ක හා සහල් වර්ගය අනුව ඉහළම මිල වෙනස් වෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව සලකලා බලලා තමා කටයුතු කරන්නෙ. ඒ වගේම අසාදු ලේඛනයේ ඉන්න අයට දුන්නෙත් නෑ.“
COMMENTS