දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රථවාහන වැරදි 35ක ඉහල දැමූ යෝජිත දඩ මුදල් මෙන්න
Homeප්‍රවෘත්ති

රථවාහන වැරදි 35ක ඉහල දැමූ යෝජිත දඩ මුදල් මෙන්න

PropellerAds

දඩ මුදල් ඉහළ නැංවිය යුතු රථවාහන වැරදි 35ක් දඩ මුදල් සංශෝධනය පිළිබඳව සොයාබැලීමේ කමිටුව විසින් හඳුනාගෙන ඇතැයි එම කමිටුවේ සභාපති සහ ප්‍රවාහන ...

රථවාහන වැරදි 35ක ඉහල දැමූ යෝජිත දඩ මුදල් මෙන්න

දඩ මුදල් ඉහළ නැංවිය යුතු රථවාහන වැරදි 35ක් දඩ මුදල් සංශෝධනය පිළිබඳව සොයාබැලීමේ කමිටුව විසින් හඳුනාගෙන ඇතැයි එම කමිටුවේ සභාපති සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පවසයි.

රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25,000ක දඩයක් අයකිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ මෙම කමිටුවේ අවසන් වාර්තාව මේ වන විට පිළියෙල කරමින් තිබෙන බවත් එම වාර්තාව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

එම වාර්තාව අමාත්‍යවරයාට බාරදීමෙන් පසු අමාත්‍යවරයා විසින් මෙම දඩ මුදල් ඉහළ නැංවීම පිළිබඳව තීරණයක් ගනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම කමිටුව රථවාහන වැරදි කිහිපයක් සඳහා යෝජනා කර තිබූ දඩ මුදල් අඩු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවත් රුපියල් 25,000ක දඩයක් අය කළ යුතු බවට යෝජනා කර තිබූ වමෙන් ඉස්සර කිරීමේ වරද සඳහා නියම කෙරෙන එම දඩ මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ යුතු බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම යන වැරදි සඳහා රුපියල් 25,000ක දඩය අඩු නොකල යුතු බවට කමිටුවේ නිර්දේශය වී තිබේ.

අධික වේගයෙන් රිය පැදවීමටද එම දඩය නියම කෙරිණි. දඩය වේග සීමාව අනුව වෙනස් කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවත් ඒ අනුව නියමිත වේග සීමාවට වඩා සියයට 20ක් වේගයෙන් රිය පදවන්නන්ට රුපියල් 5000ක්ද, වේග සීමාව සියයට 25ත් 50ත් අතර ප්‍රමාණයකින් ඉක්මවන්නන් සඳහා රුපියල් 15,000ක් හා සියයට 50කට වඩා ඉක්මවන්නන්ට රුපියල්  25,000ක් වශයෙන් දඩ අයකිරීමට යෝජනා කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

බොහෝ කාලයකින් රථ වාහන දඩ ඉහල නැංවීමක් සිදු නොවූ බවත් ඇතැම් වැරදි සඳහා අය කරන්නේ රුපියල් 20ක දඩයක් බවත් කී ඒ මහතා එම දඩය රුපියල් 1000ක් දක්වා ඉහල නැංවීමටද කමිටුව යෝජනා කර ඇතැයි වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රථවාහන වැරදි 35ක ඉහල දැමූ යෝජිත දඩ මුදල් මෙන්න
රථවාහන වැරදි 35ක ඉහල දැමූ යෝජිත දඩ මුදල් මෙන්න
http://ift.tt/2j3S5z9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/35_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/35_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy