දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්නවා
Homeප්‍රවෘත්ති

ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්නවා

PropellerAds

තරුණ පරපුරට සහ දරුවන්ට අනාගතය බාර කරමින්, අලුත් චින්තනයක්‌ දේශපාලනයට පිවිසීමට ඉඩ හසර වෙන් කිරීම වෙනුවෙන් තමා ඉක්‌මනින්ම දේශපාලනයෙන් සමුගන්...

දේශපාලනඥයෝ 99.99% ක් වන විනශ වලට සම්බන්ධ නෑ – විමලවීර දිසානායක
විල්පත්තු කැලෑ ආපහු වවන්න බැහැ කියා බදුයිදීන් ශ්‍රෙෂ්ඨාධීකරණයට!
අපේ වකුගඩුවලට පුදුම ආදරයක් මේ ආණ්ඩුවට තියෙන්නේ – අශෝක් අබේසිංහ
ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්නවා

තරුණ පරපුරට සහ දරුවන්ට අනාගතය බාර කරමින්, අලුත් චින්තනයක්‌ දේශපාලනයට පිවිසීමට ඉඩ හසර වෙන් කිරීම වෙනුවෙන් තමා ඉක්‌මනින්ම දේශපාලනයෙන් සමුගන්නා බව ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

රටේ අනාගත නායකත්වය බාරදිය යුත්තේ දරුවන් සහ තරුණ පරපුරට කියමින් ඇතැම් දේශපාලකයන් පැවසුවත්, එම දේශපාලකයන් කිසි දිනක තම අසුන හැර නොයන බවද හෙතෙම සඳහන් කළේය.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් සංවිධානය කළ ජනාධිපති දෙවර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති 1/2015 චක්‍රලේඛයට ප්‍රාකාරව පාසල් තුළ භාෂා ප්‍රවර්ධන කව පිහිටුවීම සම්බන්ධයෙන් ඉකුත් දා කොළඹ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනට එක්‌වූ අමාත්‍යවරයා ඉහත අදහස්‌ ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්‌වූ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

"මේ රටේ අපි සිංහල වේවා, දෙමළ වේවා, මුස්‌ලිම් වේවා, බෞද්ධ වේවා, හින්දු වේවා, කතෝලික වේවා, ක්‍රිස්‌තියානි වේවා, ප්‍රශ්නයක්‌ නැහැ. මවු භාෂාව දෙමළ වේවා, සිංහල වේවා, එසේත් නැත්නම් ඉංග්‍රීසි භාෂාව වේවා, ජාතිය සිංහල, දෙමළ, මුස්‌ලිම් වේවා නමුත් පළමු තැන දිය යුත්තේ අපේ රටටයි. ඒ ශ්‍රී ලාංකිකයින් හැටියට. ඒ නිසා ශ්‍රී ලංකා කියන අපේ අනන්‍යතාවය මත තමයි අපේ ජාතිය තියෙන්නේ, අපේ ආගම තියෙන්නේ, අපේ භාෂාව තියෙන්නේ. ඒ නිසා පසුගිය කාලයේදී අපි මොකද? කළේ, ශ්‍රී ලංකික කම දෙවනියට, තුන් වෙනියට දාලා පළමු තැන දෙන්න හැදුවා අපේ භාෂාවට, ජාතියට හා ආගමට. එතනයි අපි වරද්ද ගත්තේ. ඇතැම් පිරිස්‌ දේශයට, රටට තැන දුන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් මේ රටේ භාෂා තුනක්‌ තියෙනවා. එය ව්‍යවස්‌ථාවෙත් තියෙනවා. සිංහල සහ දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව. එමෙන්ම බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් සහ කතෝලික කියලා ආගම් හතරක්‌ තියෙනවා. ජාතීන් ගැන කතා කළොත් සාමාන්‍යයෙන් අපි කියන්නේ සිංහල, දෙමළ, මුස්‌ලිම් මෙන්ම සමහරක්‌ විටකදී මැලේ කියලත් කියනවා. නමුත් මගේ අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා තියෙන විදියට අපේ රටේ ජාතීන් සහ ජන වර්ග දහ නවයක්‌ සිටිනවා. පුත්තලම පැත්තේ අප්‍රිකානු සම්භවයක්‌ තියෙන උදවියත් ජීවත් වෙනවා. වැද්දන් සිටිනවා. එය වර්ග දෙකක්‌. කැලෑ වැද්දෝ සහ මුහුදු වැද්දෝ. මලයාලම් සහ තෙලිඟු ජනතාවද සිටිනවා. ලන්දේසීන් වර්ග තුනක්‌ සිටිනවා. ඒ වගේ මේ රටේ විවිධ භාෂා කතා කරන ජන වර්ග දහ නවයක්‌ ඉන්නවා. මේ විදියට විවිධ භාෂා කතා කිරීම ලස්‌සනයි, වර්ණවත්. ඒ විවිධත්වය තමයි අපේ ශක්‌තිය වන්නේ".

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්නවා
ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්නවා
http://ift.tt/2j4TaKz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_734.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_734.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy