රටේ සිදුවන පරිසර විනාශයට දේශපාලනඥයින් සම්බන්ධ නොමැති බව තමන්ට සියයට 99.99 කට වැඩි විශ්වාසයක් ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ...
රටේ සිදුවන පරිසර විනාශයට දේශපාලනඥයින් සම්බන්ධ නොමැති බව තමන්ට සියයට 99.99 කට වැඩි විශ්වාසයක් ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.
විමලවීර දිසානායක මහතා මේ බව කියා සිටියේ පුත්තලම ඉපලෝගම රක්ෂිතයේ සිදුකල රුක් රෝපණ වැඩ සටහනකට සමගාමීව ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාර්ගගත සංවාදයකට එක්වෙමින්.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදු කෙරෙන වන එළිපෙහෙළි කිරීම් පෞද්ගලික ඉඩම් ආශ්‍රිතව සිදුකරන බවත් ඇතැම් පිරිස් ඒ සඳහා රජයට දොස් පැවරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

COMMENTS