ලොතරැයි අලෙවි නියෝජිතයෝ ජනවාරි 01 වැනිදා සිට වර්ජනය කිරීම හේතුවෙන් ලොතරැයි අලෙවිය අඩාල වීම වැළැක්වීමට ජාතික ලොතරැයි මණ්ඩලය විසින්ම වෑන් රථ...
ලොතරැයි අලෙවි නියෝජිතයෝ ජනවාරි 01 වැනිදා සිට වර්ජනය කිරීම හේතුවෙන් ලොතරැයි අලෙවිය අඩාල වීම වැළැක්වීමට ජාතික ලොතරැයි මණ්ඩලය විසින්ම වෑන් රථ යොදවා ලොතරැයි අලෙවි කිරීම ආරම්භ කර තිබේ.
මේ අතර ලොතරැයි ටිකට් පතක මිල වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය අද (03) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීය.
ලොතරැයි මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් පසුගිය ඉරිදා (01) සිට ලොතරැයි අලෙවිසල් වසා දමා වර්ජනයේ යෙදුන ද ඊට පිළිතුරක් නොලැබීම නිසා මේ විරෝධතාවය පැවැත්වූ බව එම සංගමය සඳහන් කරයි.
COMMENTS