අගමැති ධුරය ලබා ගැනීමට තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බේරා ගැනීමට සටන් කිරීමට සිදුවනු ඇත...
අගමැති ධුරය ලබා ගැනීමට තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බේරා ගැනීමට සටන් කිරීමට සිදුවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ඊට හේතුව වනුයේ යහපාලන රජය හම්බන්තොටින් සහ කුරුණෑගලින් සංවර්ධන කටයුතු ආරම්භ කිරීම බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
"බලගතු ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන රජයේ තිරසර ආර්ථික සංවර්ධන සැලැස්‌ම පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යවලට ඊයේ (04) අරලියග මන්දිරයේදී කරුණු දක්‌වමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
නව කර්මාන්ත එම දිස්‌ත්‍රික්‌කවලින් ආරම්භ කිරීම තුළින් රටට සංවර්ධනය උදාවන බවත් එවිට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට දේශපාලන වේදිකාවල කීමට දෙයක් නැති වන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්‌ඩුව පන්සල් කැඩීම හෝ ජනතාවගේ ඉඩම් බලෙන් අත්පත් කර ගැනීම නොකරන බවත් මෙරට ඉඩම් කිසි විටෙකත් සින්නක්‌කර ක්‍රමයට විදේශ ආයෝජන සඳහා ලබා නොදන බවත් තමන් මල්වතු පාර්ශ්වය හෝ දළදා මන්දිරය බෙදීමට ලක් කිරීමට කටයුතු නොකරන බවත් අගමැතිවරයා පැවසී ය.
විදේශ ආයෝජන සඳහා හම්බන්තොටින් පමණක් නොව වෙනත් ප්‍රදේශවලින්ද ඉඩම් ලබාදී රටේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්‌ථා බිහිකරන බවද හෙතෙම සඳහන් කළේය.
රජයේ සංවර්ධන කටයුතු නිසා හම්බන්තොටින් ඒකාබද්ධ විපක්‍ෂයට පළාත් පාලන මැතිවරණයේදී එකදු ප්‍රාදේශීය සභාවක් ජයග්‍රහණය කිරීමට නොහැකි වනු ඇතැයිද එවිට ඒකාබද්ධ විපක්‍ෂයට ඔක්‌සිජන් අහිමිවෙනු ඇතැයිද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගලින් පාර්ලිමේන්තු පැමිණියද පසුගිය පාලන සමයේ ඔහු කුරුණෑගලට ලබාදී ඇත්තේ "දැයට කිරුළ" ප්‍රදර්ශනය පමණක් බවද අගමැතිවරයා එහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
COMMENTS