2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වගඋත්තරකරුවන් වන්නේ එවක ජනාධිපති සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ බවත් ...
විදෙස් බුද්ධි අංශවල අනතුරු ඇඟවීම්, බුදු පිළිමවලට හානි කිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ආයුධ පැහැර ගැනීම, ලැක්ටෝ වත්ත ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුවීම, මොහොමඩි සියාම් ලබා දුන් තොරතුරු, මොහොමඩ් සියාම්ට වෙඩි තැබීම, කලවංචිකුඩි පිපිරීම සැලකිල්ලට ගත්තේ නම් මෙම විනාශය වළකාගත හැකිව තිබූ බව ද හෙතෙම අවධාරණය කළේය.
එසේම එම ප්‍රහාරය අවස්ථාවේ කාදිනල්තුමා ඇතුළු කතෝලික ක්‍රිස්තියානි ආගමික නායකයන් ඉවසීමෙන් කටයුතු කළ ආකාරය අගය කළ යුතු බවත් එය සැමට ආදර්ශයක් බවත් පාඨලී රණවක සඳහන් කළේය.

COMMENTS