රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කර නොගතහොත් අපට ද හෙට දවසේ ජීවත්වීම පිළිබද බරපතළ අභියෝගයකට මුහුණදීමට සිදුවන බවත් දේශපාලඥයින්, විද්‍යාඥයින් මෙන...
රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කර නොගතහොත් අපට ද හෙට දවසේ ජීවත්වීම පිළිබද බරපතළ අභියෝගයකට මුහුණදීමට සිදුවන බවත් දේශපාලඥයින්, විද්‍යාඥයින් මෙන්ම පරිසර ආරක්ෂණය නොතකා කටයුතු කළ සියලූදෙනා මේ පිළිබද වගකීම භාරගත යුතු බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ,තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහනේ, සමාරම්භක උළෙලට අද (19) පෙරවරුවේ දිගන, කෙන්ගල්ල මහා විද්‍යාලයේ දී එක්වෙමිනි.
අද දවස හෙට දවස වෙනුවෙන් වහ වහා සූදානම්විය යුතු යුගයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එබැවින් අප විසින් කළයුතු කාර්යයන් ප‍්‍රමාදයකින් තොරව ඉටුකළ යුතු බවත් තිරසර සංවර්ධන අරමුණු කිසිසේත් හෙටට කල් දැමිය නොහැකි බවත් කියා සිටියේය.
සිය සංවර්ධන කාර්යයන් තුළ ගෝලීය උෂ්ණත්වය වර්ධනය කරමින් හා වායු ගෝලය අපවිත‍්‍ර කරමින් මානව සමාජයට බරපතළම හානිය සිදු කළේ අපට අවවාද හා උපදෙස් ලබාදෙන ලෝක බලවතුන් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ස්වභාවික සහ පාරිසරික වටිනාකම් නොසළකමින් ඔවුන් කටයුතු කිරීම නිසා මිනිසා ඇතුලු සියලූ සතුන්ට ජීවත්වීම පිළිබඳ බරපතල අභියෝගයකට මුහුණදීමට සිදුව ඇති බව ද කියා සිටියේය.
පරිසර සම්පත් සුරකින රටක් බවට පත්වීමට නම් අපේ රටේ වන ඝනත්වය අවම වශයෙන් සියයට 50ක මට්ටමකට ගෙන ආ යුතු බව ද සඳහන් කළ ජනාධිපතිවරයා අපේ රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කර නොගතහොත් අපට ද හෙට දවසේ ජීවත්වීම පිළිබද බරපතළ අභියෝගයකට මුහුණදීමට සිදුවන බවත්, දේශපාලඥයින්, විද්‍යාඥයින් මෙන්ම පරිසර ආරක්ෂණය නොතකා කටයුතු කළ සියලූදෙනා මේ පිළිබද වගකීම භාරගත යුතු බවත් ප‍්‍රකාශ කළේය.
තිරසර සංවර්ධනයේ සමාජමය වගකීම සහ යුතුකම ඉටුකිරීමේදී සැබෑ යථාර්තවාදී පණිවිඩකරුවා පාසල් දරුවා බව ද ජනාධිපතිවරයා පැවසී ය.
තිරසර සංවර්ධනයත් සමග රට සෞභාග්‍යමත් සහ දැහැමි දේශයක් ලෙස ගොඩනැගීමේ වැඩපිළිවෙළේ ප‍්‍රමුඛ ක්ෂේත‍්‍රයක් ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ චර්යා ප‍්‍රවර්ධනය හදුනාගෙන තිබෙන අතර ඒ සදහා තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබේ.
‘සොදුරු ළමා ලොවක් - සුරක්ෂිත හෙටක්‘ තේමාව යටතේ ජනාධිපති කාර්යාලයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල අධීක්ෂණයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.
එහි පළමු අදියර ලෙස දීපව්‍යාප්තව පාසල් 3409 ක තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර පාසල් දරුවන් අවදානම් චර්යාවලින් වළකාගනිමින් වැඩ ලෝකයට හා සමාජයට හුරුකිරීම හා පාසල් දරුවන් සමාජ විපර්යකාරකයන් ලෙස බලගැන්වීම මෙහි ප‍්‍රමුඛ අරමුණයි.
COMMENTS