දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර වංචාවෙන් වූ පාඩුවක් ගැන ඇමති සුසිල්ගෙන් අනාවරණයක්
Homeප්‍රවෘත්ති

බැඳුම්කර වංචාවෙන් වූ පාඩුවක් ගැන ඇමති සුසිල්ගෙන් අනාවරණයක්

PropellerAds

ජනාධිපති කොමිසමක්‌ මඟින් ඉදිරිපත් වන වාචික හා ලිඛිත සාක්‌ෂි, සාක්‌ෂි ආඥ පනතට අනුව සිදුවන බැවින් එම සාක්‌ෂි පදනම් කරගෙන බැඳුම්කර වංචාවට එර...

"බැඳුම්කර වංචාවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් ළඟදීම CIDයෙන් අත්අඩංගුවට - රනිල්ගෙනුත් කට උත්තරයක්"
‘කංජිපානි ඉම්රාන්’ ඩුබායිවලින් පිටුවහල් කෙරේ
"මිරිජ්ජවිල තෙල් පිරිපහදුව මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂයක්" - නලින් බණ්ඩාර
බැඳුම්කර වංචාවෙන් වූ පාඩුවක් ගැන ඇමති සුසිල්ගෙන් අනාවරණයක්

ජනාධිපති කොමිසමක්‌ මඟින් ඉදිරිපත් වන වාචික හා ලිඛිත සාක්‌ෂි, සාක්‌ෂි ආඥ පනතට අනුව සිදුවන බැවින් එම සාක්‌ෂි පදනම් කරගෙන බැඳුම්කර වංචාවට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පවරා රටට අහිමි වූ මුදල් ලබාගැනීමටත්, වරදකරුවන්ට දඬුවම්දීමටත් හැකිවන බව තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එමෙන්ම බැඳුම්කර වංචා මඟින් රැස්‌කළ ධනය නිශ්චිතව හඳුනාගත හැක්‌කේ මෙවැනි ජනාධිපති කොමිසමක්‌ මඟින් යැයි ද පැවසූ අමාත්‍යවරයා මෙසේ උපයාගත් මුදල් මෙම සිද්ධීන් යටපත් කිරීමට යෙදවිය හැකි බව ද මෙලෙස යටපත් කිරීමට ගන්නා සෑම ප්‍රයත්නයක්‌ තුළින්ම මහජන විශ්වාසය බිඳ වැටෙන බව අමතක නොකළ යුතු බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය,

“ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක්‌ පත්කිරීමට ගත් තීරණය අපි පක්‌ෂයක්‌ ලෙස අගය කරනවා. මෙය එතුමාට ගතහැකි දුෂ්කර තීරණයක්‌. නමුත් ජනාධිපතිවරයකු විසින් ජනතාව පැත්තෙන් රට පැත්තෙන් බලාගත යුතු සෘජු හා නිවැරදි තීරණයක්‌ මේ මොහොතේ ගෙන තිබෙනවා. මෙම තීරණය ගත්තේ දේශපාලන වාසි මත නොව දේශපාලන අවදානමක්‌ මත බව අමතක නොකළ යුතුයි. මෙම වංචාවෙන් මුදල් හම්බ කළ අය එම මුදල් කෙසේ භාවිත කරනු ඇත්ද? අනාගතයේදී එය දැකගත හැකිවනු ඇති.“

“කෝප් වාර්තාව පදනම් කරගෙන නඩු පැවරීමට නම් එහිදී හෙළිදරව් වූ කරුණු සාක්‌ෂි බවට පත්කළ යුතුයි. ඊට දීර්ඝ කාලයක්‌ ගතවෙනවා. එමෙන්ම සාක්‌ෂි සටහන් කරන්නන් නිසි ලෙස කටයුතු නොකළහොත් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්‌ෂි නොමැතිව මුළු ක්‍රියාදාමයම නිෂ්ඵල වෙනවා" යැයිද අමාත්‍යවරයා පැවසී ය.

බැඳුම්කර සිද්ධිය නිසා මේ වනවිට පොලී අනුපාතය 15%ක් දක්වා ඉහළගොස් තිබෙන බවත්, මේ නිසා ආයෝජන හා ඉතිරිකිරීම කඩාවැටී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

2010 වසර වනවිට මෙරට පොලී අනුපාතය 8.5% ත්, 9%ත් වූ බවත්, මේ වනවිට එම අගය 15%ක් බවද පොලී අනුපාතය ඉහළ අගයක් ගැනීම නිසා ආයෝජන සිදුකිරීම කඩා වැඩී තිබෙන බවද ආයෝජන කඩාවැටීම නිසා ඉතිරිකිරීම කඩා වැටී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

ආයෝජන කඩා වැටීම ආර්ථිකයටද බලපා තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර වංචාවෙන් වූ පාඩුවක් ගැන ඇමති සුසිල්ගෙන් අනාවරණයක්
බැඳුම්කර වංචාවෙන් වූ පාඩුවක් ගැන ඇමති සුසිල්ගෙන් අනාවරණයක්
http://ift.tt/2jvARyn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_270.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_270.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy