වසර විස්සකට වඩා දේශපාලනයේ රැඳී සිටියා හොඳටම ඇතැයි සිතෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ලබන 27 වැනිදා නුගේගොඩදී ...
වසර විස්සකට වඩා දේශපාලනයේ රැඳී සිටියා හොඳටම ඇතැයි සිතෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ලබන 27 වැනිදා නුගේගොඩදී පවත්වන රැලිය සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම සඳහා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
නමුත් වර්තමාන ආණ්ඩුවේ අහිතකර ක්‍රියාකලාපය හේතුවෙන් දේශපාලනයෙන් ඉවත්වීමටනොහැකි තත්ත්වයක් තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගිය රජය සමයේදී රැකියා ලබානොදුන් බවටත්, මුහුණ බලා සිනා නොවූ බවටත්, ශාඛා සමිතිවලට සහභාගී වෙද්දී මේ දිනවල ජනතාවගෙන් තමන්ට දෝෂාරෝපණ එල්ලකරන බව රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි වෙනස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරගෙන යන බවත්, ඒ සම්බන්ධව කීමට නොහැකි දේවල් තිබෙන බවත් හෙතෙමෙ වැඩිදුරටත් පැවසීය.
COMMENTS