දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විගණන පනත ලඟදීම පාර්ලිමේන්තුවට 
Homeප්‍රවෘත්ති

විගණන පනත ලඟදීම පාර්ලිමේන්තුවට 

PropellerAds

විගණන පනත නොබෝ දිනකින්ම පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් රාජ්‍ය මූල්‍ය භාවිතය පිළිබදව පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කර රජයේ විගණන නිලධාරීන්ට කශේ...

ඕස්ට්‍රේලියා තරගාවලියේ ක‍්‍රීඩාංගණවල ‘GotaGoHome’ විරෝධතා සැලසුම් කරති…
ගාමිණී සෙනරත්ගේ චක්‍රලේඛය රනිල්ගේ ආණ්ඩුවත් අවුල් කරයි!
කරූ ජයසූරිය අගමැති රනිල් සමඟ එකට වැඩකරන්න කැමති වෙයි!
විගණන පනත ලඟදීම පාර්ලිමේන්තුවට 

විගණන පනත නොබෝ දිනකින්ම පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් රාජ්‍ය මූල්‍ය භාවිතය පිළිබදව පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කර රජයේ විගණන නිලධාරීන්ට කශේරුකාවක් සහිතව රට වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

රජයේ මූල්‍ය කලමනාකරණය ජනතාවට ප්‍රශ්න කළ හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර ලක්ෂණයක් බව ඊයේ (06) කොළඹ නව නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් කථානායකවරයා මේ බව පැවසීය.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති බස්නාහිර හා මහනගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, විගණකාධිපති ගාමිනි විජේසිංහ යන මහත්වරුන්ගේ ද විශේෂ සහභාගීත්වයෙන් පැවැති සමුළුව අමතමින් කථානායකවරයා පෙන්වා දුන්නේ ගිණුම් කාරක සභා ක්‍රියාවලිය මෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතුද සාර්ථක වීමට විගණන නිලධාරීන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය අනිවාර්යය අංගයක් වන බවයි.

විගණන නිලධාරීන් මහජන මුදල් ආරක්ෂා කිරීමට කරන නිහඬ සේවය කාගේත් ගෞරවයට පාත්‍ර විය යුතු බව ද පැවසූ කථානායකවරයා එහිදී අභීතව දිවි පරදුවට තබා දූෂණයට එරෙහිව කටයුතු කරන ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තව දුරටත් සිටින බවට ඔවුන් අවස්ථා ගණනාවකදී පූර්වාදර්ශ සපයා ඇති බවද සඳහන් කළේය.

සමුළුව අමතමින් කථානායකවරයා මෙසේද කීවේය.  

“විගණන නිලධාරීන් ඉටු කරනුයේ විශාල ජාතික යුතුකමක්. එය කෙතරම් අමාරු වුවත් ඔවුන් එම අභියෝගයන්ට උරදී සිටීම තුල රාජ්‍ය අංශයේ මූල්‍ය විනය ආරක්ෂා වෙනවා. මම දේශපාලනය ආරම්භ කළේ දේශපාලන ඉණිමගේ පළමු පියවර වන පලාත් පාලන ආයතනයකින් එදා මෙදා තුර පැමිනි සෑම පියවරකදීම මූල්‍ය විනය කඩකිරීම් දකින්නට ලැබුණා. නමුත් වර්තමානය වන විට රටේ මූල්‍ය විනය ආරක්ෂා කරන කාර්යය පාර්ලිමේන්තුව හරහා ශක්තිමත්ව ඉටු කිරීමට පදනම සකස් වී තිබෙනවා. එහිදී රාජ්‍ය ගිණුම් කාරක සභා‍වේත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේත්, සභාපතිවරු හා නිලධාරී මණ්ඩලය ඉටු කරන අපක්ෂපාතී ප්‍රසංශනීය මෙහෙවර අගය කිරීම මගේ යුතුකමක්.“

“මීට කලකට පෙර අවංක ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව ආරම්භ කළ Clean Hand වැඩසටහන ය‍ටතේ සොයා ගනු ලැබුවා. රජයේ මුදල් මහජන කටයුතු සදහා වියදම් කිරීමේ දී 40% ක් දූෂණයට නාස්තියට ලක් වන බව. විගණන පනත තොරතුරු දැන ගැනීමේ පනත මෙන්ම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස මෙම අවාසනාවන්ත තත්ත්වය මුලිනුපුටා දැමිය හැකි වනු ඇතැයි මා විශ්වාස කරනවා.“ යැයිද කතානායකවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විගණන පනත ලඟදීම පාර්ලිමේන්තුවට 
විගණන පනත ලඟදීම පාර්ලිමේන්තුවට 
http://ift.tt/2j0vLHT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_157.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_157.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy