දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්ජන්ගේ සිද්ධියෙන් ආණ්‌ඩුව රත්වෙයි: රාජ්‍ය සේවකයින් කොළඹට කැඳවයි
Homeප්‍රවෘත්ති

රන්ජන්ගේ සිද්ධියෙන් ආණ්‌ඩුව රත්වෙයි: රාජ්‍ය සේවකයින් කොළඹට කැඳවයි

PropellerAds

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පල කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍ර...

හිටපු තුර්කි අගමැති මහ නාහිමිවරුන් හමුවෙයි
අජිත් - විජේදාස ගැටුම තවත් උණුසුම් වේ. [Video]
උතුරු කොරියාවට දැඩි සම්බාධක !
රන්ජන්ගේ සිද්ධියෙන් ආණ්‌ඩුව රත්වෙයි: රාජ්‍ය සේවකයින් කොළඹට කැඳවයි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පල කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයින් අද(30) උදෑසන සිට සංකේත වැඩ වර්ජනයක නිරත විය. 

ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනේම සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වූ අතර දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයින් ද අද පෙරවරුවේ දිවුපිටිය නගරයේදී පැවත්වු විරෝධතාව හේතුවෙන් කොළඹ - කුරුණෑගල මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල විය. 

අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් ලේකම් කාර්යාලවල සේවකයින් සඳහන් කරන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගත යුතු බවයි. 

ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සිදුවන මෙම වර්ජනය හේතුවෙන් රාජකාරි කටයුතු සිදු කර ගැනිම සඳහා පැමිණි බොහෝ පිරිසක් දුෂ්කරතාවට ලක්ව ඇති බව ද වාර්තා වෙයි. 

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් කැඳවීමක් 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරින් ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අද දහවල් කැදවා ඇති බව එම සංගමයේ සභාපති රංජිත් ආරියරත්න මහතා පැවසී ය.

අද පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තම වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබදව ඉදිරි තීරණ ගන්නා බව රංජිත් ආරියරත්න මහතා පැවසී ය.

ගම්පහ, දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේ සිදුකෙරෙන පස් කැපීමක් සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්ථාවේදී  දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දුරකථනයෙන් අමතා බැණ වැදුනේ පසුගිය 26 වනදායි. 

ජනපති කළ ඉල්ලීමත් රන්ජන් ඉවත දමයි

කෙසේ වෙතත් ඊයේ (29) සවස මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටියේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇතිවූ දුරකථන සංවාදයේදී තමන් අතින් වරදක් වී ඇත්නම් ඇයගෙන් සමාව ගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, ජනතාවගේ ළිං දිය සිඳෙන ලෙස පස් කැපීමට අවසර දුන් රාජ්‍ය නිලධාරිනියකගෙන් තමන්ට සමාව ඉල්ලිය නොහැකි බව එතුමන්ට දන්වා සිටි බවත්ය.

දිවුලපිටිය, අකරගමදී ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇතිවූ දුරකථන සංවාදයකදී ඇතිවූ වචන හුවමාරුව පිළිබඳව දැනුවත් කිරීමට රන්ජන් රාමනායක මහතා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසී ය.

“දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සමග ඇතිකර ගත් ගැටුම කුමක්ද? එහිදී මා අතින් වරදක් සිදුව ඇත්නම් ඇයගෙන් සමාව ඉල්ලා එය සමථයකට පත්කර ගන්නා ලෙස මා අමාත්‍ය පී. හැරිසන් මහතාගේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ජනාධිපතිතුමා මගේ ජංගම දුරකථනයට ඇමතුමක්දී ඉල්ලා සිටියා. ජනතාවගේ ළිං දිය සිඳෙන අයුරින් පස් කැපීමට අවසර දුන් රාජ්‍ය නිලධාරිනියකගෙන් සමාව ඉල්ලිය නොහැකි බව එතුමාට කාරුණිකව දැනුම් දුන්නා.“

රන්ජන්ගෙන් ප්‍රා. ලේකම්වරියට තවත් චෝදනාවක්

“ඇය වගේම මමත් ජනතා බදු මුදලින් දීමනා ලබන දෙන්නෙක්. එහිදී රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට සවන් දිය යුතුයි. අන්න ඒ උතුම් වගකීමයි දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය පැහැර හැරියෙ. ඒ මොහොතේ මා වෙතින් පළවුණේ ජනතාව වෙතින් එතුමියගේ ක්‍රියාකලාපය අරබයා ඇතිව තිබූ කලකිරීම මිස ද්වේශයක් නෙමෙයි.“ යැයි නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

“මෙම ප්‍රදේශයේ පස්කැපීම හේතුවෙන් ළිං සිඳී ජනතාව බොහෝ දුක් විඳිනවා. ඔවුන් මෙම පස් කැපීම හේතුවෙන් දිය උල්පත් සිඳීයෑම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කළත්, ඇය ජනතා හඬට සවන් නොදී මුණිවත රකිනවා. ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, ඔහුගේ පියා හේරත්, සහෝදරයා තුසිත සහ මස්සිනා වසන්ත දංගල්ල යන අය විශාල ලොරි, ටිපර්, කැටපිලර්, පස් කපන යන්ත්‍ර සහ වාහන ගණනාවක් තබා ගෙන දිවුලපිටිය ප්‍රදේශයේ විශාල පරිසර සංහාරයක් කාලයක් පුරා සිදුකරනවා. අද විශාල වශයෙන් මුදල් උපයා තිබෙනවා. ඒ පළාතේ රාජ්‍ය නිලධාරීන් ඔවුන් අල්ලා ගෙන තිබෙනවා.“ 

“සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම්වරයෙක් එක් කොට්ඨාසයක වසරක කාලයක් පමණයි සේවයේ නියැළෙන්නෙ. එහෙත් මෙම ලේකම්වරිය එක දිගට වසර හතක් දිවුලපිටිය කොට්ඨාසයේ සේවය කරනවා. මෙතැන කපන පස්වලින් තමයි මුතුරාජ වෙල අනවසරව ගොඩකරන්නෙ. මෙම පස් කැපීම රටට පරිසරයට විශාල හානියක්. එය වැළැක්වීම දේශපාලඥයන්ගේ වගකීමක් වෙනවා.“ යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසි ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්ජන්ගේ සිද්ධියෙන් ආණ්‌ඩුව රත්වෙයි: රාජ්‍ය සේවකයින් කොළඹට කැඳවයි
රන්ජන්ගේ සිද්ධියෙන් ආණ්‌ඩුව රත්වෙයි: රාජ්‍ය සේවකයින් කොළඹට කැඳවයි
http://ift.tt/2kiigXr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_119.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_119.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy