අද (22) සිට දින 03 ක් තිස්සේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ප‍්‍රදේශවලට මිලිම...
අද (22) සිට දින 03 ක් තිස්සේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසිද අපේක්ෂා කළ හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
සෙසු ප‍්‍රදේශවලට ද සවස දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බලපිටියේ සිට කොළඹ, පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
COMMENTS