නව බදු පනත මඟින් සාහිත්‍ය, සංගීත, වේදිකා හා සිනමා ක්ෂේත්‍රයන් සඳහා එතෙක් තිබූ බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් එම කලා කර්මාන්තකරුවන්ගෙන් එල්...
නව බදු පනත මඟින් සාහිත්‍ය, සංගීත, වේදිකා හා සිනමා ක්ෂේත්‍රයන් සඳහා එතෙක් තිබූ බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් එම කලා කර්මාන්තකරුවන්ගෙන් එල්ල වී ඇති විරෝධය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුදල් හා මාධ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයකු පවසා සිටියේ යම් නිෂ්පාදන ක්‍රියාවලියකින් ලාබ උපයන්නේ නම් ඒ සඳහා රජයට ආදායම් බදු ගෙවීම රටේ පොදු ප්‍රතිපත්තියක් බවත් ඒ අනුව මෙරට සියලු පුරවැසියන් ඊට බැඳී ඇති බවත් ය.
කලා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වුවත් එය එසේ ම විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
කලා නිෂ්පාදන වලින් අධික ලාබ ලැබීම මෙරට සිදු නොවන බැවින් කලාකරුවන්ට යම් බදු සහන අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට ඒ සහන ලබා ගැනීමේ හැකියාවක් තිබිය හැකි බවත් ඔහු පැවසීය.
නව බදු පනතින්, සාහිත්‍ය කෘතියක අලෙවියෙන් ලබන ආදායමෙන් සියයට 50ක බදු සහනය, වේදිකා නාට්‍යයක පළමු වසරේ ආදායමෙන් සියයට 50 ක බදු සහනය, අන්තර්ජාතිකව සම්මානයට පාත්‍රවන සිනමා හෝ වේදිකා නාට්‍යයක් වසර 5ක් දක්වා ලබන ආදායමින් සියයට 50ක බදු සහනය, ගීතයක, ගීත රචකයා, සංගීත අධ්‍යක්ෂවරයා ගායන ශිල්පියා ලබන ආදායමට බදු සහනත්, රුපියල් මිලියන 5ට වැඩි නිෂ්පාදන පිරිවැයක් සහිත සිනමා නිර්මාණ සඳහා නිෂ්පාදන සුදුසුකම් ලබන දීමනාවක් ලෙස බදු සහනය ද අහිමි ව ඇතැයි කලාකරුවන් පවසති.
එසේම සිනමා ශාලාවක් ඉදිකිරීමේදී ලබා දී තිබු බදු සහන ද අහෝසි ව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

COMMENTS