සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2477 දෙනෙකුට අධික පිරිසක් හෙට සිට පොලිස් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල්...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2477 දෙනෙකුට අධික පිරිසක් හෙට සිට පොලිස් දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.
පොලිසියේ පවතින නිළධාරි හිඟයට පිළියමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් නියෝගයකට අනුව මෙම පිරිස අනුයුක්ත කර ඇති බව හෙතෙම පැවසීය.
මේ වන විටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 952කු පොලීසියට අනුයුක්ත කර තිබේ.
ඉදිරියේදී පුරාවිද්‍යා සංරක්ෂණයට සහ වන අලි මෙහෙයුම් සඳහා නිලධාරීහු එම දෙපාර්තමේන්තු වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
COMMENTS