දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ කණපිට පෙරළන 2017 වසරේ සැලසුම මෙන්න
Homeප්‍රවෘත්ති

කොළඹ කණපිට පෙරළන 2017 වසරේ සැලසුම මෙන්න

PropellerAds

රටට අළුත් අත්දැකීමක් වූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ආරම්භයේදී අභියෝග කිහිපයකට මුහුණදීමට සිදුවිය. නිවැරදි ව්‍යාපෘති හඳුනාගැනීම, ...

යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් 
ජාතික ගීය දෙමළෙන් ගැයීම - පෙත්සම් විභාගයට දින නියම වෙයි
මෛත්‍රීගේ ප්‍රකාශය ගැන මහින්ද පුදුමවෙයි
කොළඹ කණපිට පෙරළන 2017 වසරේ සැලසුම මෙන්න

රටට අළුත් අත්දැකීමක් වූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ආරම්භයේදී අභියෝග කිහිපයකට මුහුණදීමට සිදුවිය. නිවැරදි ව්‍යාපෘති හඳුනාගැනීම, ඒවායේ ශක්‍යතා අධ්‍යයන සිදුකර පරිපූර්ණ ව්‍යාපෘති බවට පත්කිරීම ඉන් ප්‍රමුඛ වේ. මේ වනවිටත් බොහෝ ව්‍යාපෘතිවල එම අදියර සිදු කෙරෙමින් පවතී. මහා පරිමාණ ව්‍යාපෘතියක් සාමාන්‍යයෙන් ශක්‍යතා අධ්‍යයන ඇතුලු කටයුතු සහිතව පරිපූර්ණ වීමට අවුරුදු කිහිපයක් ගතවෙයි. එසේ නොමැතිව කිසිදු අධ්‍යයනයකින් තොරව වෙනත් ලාභ පරමාර්ථ හෝ අරමුණු මත ක්ෂණිකව සිදුකරන සංවර්ධන ව්‍යෘපෘතීන් වලින් රටට හෝ මහජනතාවට තිරසාර ප්‍රතිඵලයක් භුක්ති විඳිය නොහැක. විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් හා ව්‍යාපෘති වාර්තාවලින් තොර ව්‍යාපෘතීන් සඳහා විශ්වසනීය ආයෝජකයින් පැමිණෙන්නේ ද නැත.

වර්තමානයේ රජයේ ණය සීමා ඉක්මවා යාමෙන් ව්‍යාපෘතීන් සඳහා රාජ්‍ය මැදිහත්වීමකින් සිදුකෙරෙන ආයෝජන ලබාගැනීම ඉතා අපහසු කාර්යයක්ව පවතී. එය බාධාවක් නොකොට හැකිතාක් දුරට අප ආයතන උත්පාදනය කරන ලාභාංශ සහ පෞද්ගලික අංශයේ ආයෝජන වෙත යොමුවෙමින් නුදුරු අනාගතයට අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කිරීම අපගේ ප්‍රධාන අරමුණයි.

සියළු අභියෝග හමුවේ අමාත්‍යාංශය යටතේ පවතින කිසිදු ආයතනයක් රජයේ භාණ්ඩාගාරයෙන් හෝ ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන්නේ නැති තත්ත්වයට හා ඒ සියළු ආයතන ලාභ උපයන ආයතන බවට පත්කිරීමට පසුගිය වසර දෙකෙහිදීම අපට හැකිවිය. එය අප පරිසර, විදුලිබල හා බලශක්ති, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයන්හි සිදුකළ ක්‍රියාවලියේම ඉදිරියට ගමන් කිරීමකි.

2017 වසරේ අප සෑම ආයතනයකම අරමුණ වන්නේ පවතින සියළු  අභියෝග ජයගනිමින්, රටට ශක්තිමත්, සෞභාග්‍යමත්, තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා කටයුතු කිරීමයි. ඒ අනුව ශක්‍යතා අධ්‍යයනයන් අවසන් කළ, නිවැරදිව හඳුනාගත් සියළුම ව්‍යාපෘතීන්හි වැඩ ආරම්භ කිරීම 2017 වසරේ සිදුකෙරේ. ඒ අනුව රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම සඳහා නව සැහැල්ලු දුම්රිය පද්ධති දෙකක ව්‍යාපෘති දියත්කිරීමට නියමිතය. ජල මූලාශ්‍ර භාවිතයට ගෙන ජල ප්‍රවාහන සේවයක්ද මෙම වසරේ ආරම්භ වේ. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දියුණු කරමින් සහ පොදු ප්‍රවාහන සේවයේ පවතින බස්රථ නවීකරණය කොට පහසුකම් වැඩි දියුණු කිරීම හරහා, පවතින මාර්ග තදබදයට කඩිනම් විශේෂ

වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. ගංවතුර පාලනයට අවශ්‍ය කරන උමං පද්ධති සහ පොම්පාගාර ඉදිකිරීම් ද 2017 වසරේ ආරම්භ කෙරෙන අතර ප්‍රධාන ප්‍රවර්ජන නගරය(Logistic City), බේරේ ආශ්‍රිත ප්‍රධාන වානිජ නගරය, බත්තරමුල්ල නව පරිපාලන නගරය, උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය, මූල්‍ය නගරය, තාක්ෂණ නගරය සහ එක් එක් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් නගර සංවර්ධනය සඳහා ක්‍රියාත්මක නව ‘සුඛිත පුරවර‘ වැඩසටහන ද 2017 වර්ෂයේදී ක්‍රියාත්මක කෙරේ.

රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම වෙනුවෙන් වන ප්‍රධාන සැළසුම ප්‍රවාහන අමාත්‍යාංශයේද සහයෝගයෙන් පසුගිය වසර තුළදී සකස් කරනු ලැබූ අතර එහි එක් එක් ව්‍යාපෘතීන්හි ශක්‍යතා අධ්‍යයනයන් ආරම්භ කර තිබේ. එහිදී මූලිකව රටේ දුම්රිය සේවයේ හඳුනාගත් දුම්රිය පද්ධති 05 ක් නවීකරණය කිරීමට පියවර ගනු ලැබූ අතර දුම්රියෙන් ළඟා නොවිය හැකි හඳුනාගත් ප්‍රදේශයන් කිහිපයක් වෙනුවෙන් සැහැල්ලු දුම්රිය පද්ධති (LRT)  07 ක් ඇති කිරීමට සැළසුම් සකස් කෙරුණි. ඒ යටතේ මාළඹේ සිට කොටුව දක්වා සහ කොළඹ ඇතුළත වටරවුම් මාර්ගයක සැහැල්ලු දුම්රිය පද්ධති දෙකක් ආරම්භ කිරීමට ප්‍රම්‍රඛතාවය දෙනු ලැබීය. එම ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනය සම්බන්ධ කර ගනිමින් අඩුපොලී අනුපාත(0.1%) යටතේ ණය ලබාගැනීමට ගිවිසුම් අත්සන් කෙරුණු අතර එහි ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ මස ආරම්භ කෙරේ.

තවත් සැහැල්ලු දුම්රිය පද්ධති(LRT) 05 ක් මෙම වසරේ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා විශේෂයෙන් පුද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කිරීමට සැළසුම් කර තිබේ. එමෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පානදුර - වේයන්ගොඩ සහ කැළණිවැලි දුම්රිය මාර්ග පද්ධතියේ සංවර්ධන කටයුතුද මේ වසරේ ආරම්භ  කිරීමට නියමිතය.

මහා මාර්ග හා දුම්රිය ප්‍රවාහන පද්ධතියට අමතරව රටේ පවතින ජල මූලාශ්‍ර භාවිතයට ගනිමින් ජල ප්‍රවාහන සේවාවක්ද ආරම්භ කිරීමට 2017 වසරේ සැළසුම් සකස් කර තිබෙන අතර එහි පළමු ජල ප්‍රවාහන පද්ධතිය, වැල්ලවත්තේ සිට කිරුළපන හරහා බත්තරමුල්ල දක්වා ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම කොළඹ කොටුව සිට බේරේ වැව ජලාශය ඔස්සේ යූනියන් පෙදෙස දක්වාත්, කැළණි ගඟ මූලික කරගනිමිනුත් ජල ප්‍රවාහන පද්ධති පුද්ගලික අංශය සමඟ සම්බන්ධ වෙමින් ආරම්භ කිරීමට නියමිතය.

සීග‍්‍රගාමී බස් සේවාවන් සමග ප්‍රධාන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථාන ලෙස, කොළඹ කොටුව සහ  බත්තරමුල්ලත්, අනුප්‍රධාන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථාන ලෙස,  කොට්ටාව, කඩුවෙල, කඩවත, පානදුර නගර දියුණු කිරීමටත් නියමිතය. රථ වාහන කොළඹට ඇතුළුවන හඳුනාගත් ප්‍රධාන මාර්ග 07 ක පවතින අවහිරතා සඳහා කෙටිකාලීන විසඳුම් ලබාදීමට අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධ වෙමින් සැළසුම් සකස් කර මේ වනවිටත් එය ආරම්භ කර තිබේ.

පොදු ප්‍රවාහන සේවයේ පවතින බස් රථ නවීකරණයකොට පහසුකම් වැඩිදියුණු කිරීම හා මාර්ග තදබදය අවම කිරීමට නව රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය. මාර්ග නීති උල්ලංඝනය කරන රථ වාහන පදවන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිතයෙන් CCTV කැමරා යොදාගැනීමටත් සැළසුම් සකස් කර තිබේ.

මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශ සමඟ එක්ව කොටුව දුම්රියපොළත්, බත්තරමුල්ල පරිපාලන නගරයත් එක්වන නව මාර්ග පද්ධතියක් ඇති කිරීමට සැළසුම් සකස්කර ඇත. බේස්ලයින් මාර්ගය හොරණ පාරට හා මැලිබන් හංදියට සම්බන්ධ කිරීම හා දැනට වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දක්වා පවතින වෙරළ මාර්ගය වැල්ලවත්තේ සිට දෙහිවලටත්, අනතුරුව එය පානදුර දක්වා දීර්ඝ කිරීමටත් සැළසුම් සකස්කොට තිබේ. ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනද ආරම්භ කොට ඇත.

කොළඹ නගරයේ ගංවතුර තත්ත්වයක් ඇතිනොවී ජලය විධිමත් ලෙස පාලනය කිරීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. තවද මහ ජනතාවට ප්‍රධාන ගැටළුවක්ව පවතින කසළ කළමණාකරණය නිවැරදිවත්, විධිමත්වත් සිදු කිරීම සඳහා ඉඩම් සහ ව්‍යාපෘති හඳුනාගෙන, තරඟකාරී පදනමින් ටෙන්ඩර් කැඳවා පළාත් පාලන ආයතනය වෙත ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය සහිතව ව්‍යාපෘති පවරාදීම 2016 වසරේ අවසන් කාර්තුවේදී සිදුකර ඇත.

කොළඹ නගරය මෙන්ම රටේ ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයනු ලබන මහනුවර, ගාල්ල, අනුරාධපුරය, යාපනය යන ප‍්‍රධාන නගරද සංවර්ධනය කෙරේ. මහනුවර නගරයේ හා ගාල්ල නගරයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 3,318.70 ක මුදලක් වෙන් කරමින් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර තිබෙන අතර 2017 වර්ෂයේදී තවත් රුපියල් මිලියන 3,185.00 ක් මෙම නගරවල සංවර්ධනය සඳහා වෙන්කොට ඇත.

නවීන තාක්ෂණයට මුල් තැනක් දෙමින් මාලඹේ ප‍්‍රදේශය තාක්ෂණික කලාප 4 කට හා හෝමාගම ප‍්‍රදේශය තාක්ෂණික කලාප 7 කට වෙන්කරමින් විද්‍යා හා තාක්ෂණ නගරයක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. මෙම තාක්ෂණික නගරයේ රටේ මුල් පෙලේ විද්‍යා හා තාක්ෂණ ආයතන රැසක් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත අතර මේ වන විටත් ආයතන ගණනාවක් පර්යේෂණ කටයුතු මෙහෙයවනු ලබයි.

‘සුඛිත පුරවර‘ ව්‍යාපෘතිය මඟින් කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති 70 ක් කි‍්‍රයාත්මක කර ඇති අතර 2017 වසරේ එහි දෙවන අදියරේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2,750 ක් වෙන්කොට ඇත.

බේරේ වැව ආශ‍්‍රිතව අංග සම්පූර්ණ වාණිජ නගරයක් සහ අන්තර්ජාතික වාණිජ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු ආරම්භ කර ඇත. බත්තරමුල්ල රටේ පරිපාලන නගරය බවට පත්කරමින් රාජ්‍ය ආයතන 113 ක් බත්තරමුල්ල නගරයේ ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් සෙත්සිරිපාය 3 හා 4 අදියරයන් 2017 වසරේදී ක්‍රියාත්මක කිරීමටද කටයුතු සකස් කර ඇත.

ඉදිරියේදී රටේ සියළු වෘත්තීයවේදීන්ට වෙන්වුණු නිවාස යෝජනා ක‍්‍රම 06 ක් සහ ‘ඉසුරු නගර‘ නමින් නව නගර ව්‍යාපෘති 03 ක් කිරිමණ්ඩලමාවත, රාගම හා රත්මලාන ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට නියමිතය. නාගරික සංවර්ධනයත් සමග ඉවත් කෙරෙන අඩු පහසුකම් සහිත නිවාස ඒකක වෙනුවට පවුලක් වෙනුවෙන් පහසුකම් සහිත නව නිවාස ඒකක 12,964 ක්, රජයේ ආධාර මුදල්වලින් තොරව 2017 වසරේ ලබාදීමට ද අවශ්‍ය කටයුතු සකස්කොට ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ කණපිට පෙරළන 2017 වසරේ සැලසුම මෙන්න
කොළඹ කණපිට පෙරළන 2017 වසරේ සැලසුම මෙන්න
http://ift.tt/2j7XwBV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/2017_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/2017_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy