දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් 
Homeප්‍රවෘත්ති

යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් 

PropellerAds

යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් පමණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ ඊයේ(13) පිටකෝට්ටේ පිහිට...

මාස දෙක තුනකින් රනිල්ට තනතුර අත් හැරීමට සිදු වෙනවා - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
මිරිහානේ දී හමුදා බස් රථයකට ගිනි තැබූ බව කී තැනැත්තා සී.අයි.ඩි. අත්අඩංගුවට!
රනිල්ගෙන් චම්පිකට කොළ එළියක්!
යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් 

යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් පමණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ(13) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය. 

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය. 

“අපි පළමුවෙන්ම 12වැනිදා ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපේ මතය ප්‍රකාශ කිරීමට කැමතියි. ජනාධිපතිවරයා රටේ පළමු පුරවැසියා හැටියට පළමු වරට පවසනවා, ‘CID, FCID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරනවා’ කියලා. යම්කිසි රාජ්‍ය දෙපාර්තමේන්තු හෝ රාජ්‍ය ආයතන දේශපාලන අරමුණු මුදුන්පත්කර ගැනීම පිණිස යොදා ගන්නවා කියන්නේ සිදු වෙන්න පුළුවන් ලොකුම රාජ්‍ය සම්පත් අවභාවිතයයි. මූලික අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විවිධ කතාන්දර කියා බලයට පැමිණි මේ ‘ආණ්ඩුවේ ප්‍රධානියාම’ අද පිළිගන්නවා, රාජ්‍ය ආයතන මේ විදියට අවභාවිත කිරීම සිදු වෙනවා කියලා. මේ රාජ්‍ය ආයතන දේශපාලන අරමුණු මුදුන්පත්කර ගැනීම සඳහා යොදා ගන්නවා කියන්නේ, ඒවා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීම පිණිස යොදා ගැනීම. දේශපාලන ප්‍රතිවාදියා ඉන්නේ ආණ්ඩුවෙන් පිට නම් අද මේ ආයතන යොදා ගෙන අනිවාර්යෙන්ම මර්දනය කරනවා. ඒ විතරක් නොවෙයි ආණ්ඩුව ඇතුළේ තමන්ට අභියෝගයක් වන චරිත ඉන්නවා නම් ඔවුන් මර්දනය කිරීමටත් මේ ඉහත කී ආයතන අද යොදා ගනු ලබනවා. 

ජනාධිපති සිරිසේන මැතිතුමා මේ ආකාරයෙන් ප්‍රකාශයක් කළාම අපට මතුවන පළමු ප්‍රශ්නය කුමක්ද? ‘එහෙමනම් අද රට පාලනය කරන්නේ කවුද?’ කියන ප්‍රශ්නය. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ‘විධායකයේ ප්‍රධානියාව’ සිටියදී ඔහුටත් නොදන්වා මේ ආයතන තීරණ ගන්නවා නම්, එක් එක් අය අත්අඩංගුවට ගන්නවා නම්, උසාවි ගෙන යනවා නම් අද කවුද මේ රට පාලනය කරන්නේ? අපි නම් නොවෙයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ චෝදනාව එල්ල කරන්නේ ඇයි? පළමු එක තමයි ඔහුට එල්ලවන මේ චෝදනාවෙන් ගැලවීම. දෙවන එක තමයි එම චෝදනාව වෙනත් කෙනෙකුට පැටවීම. නැතිනම් ඒ චෝදනාව ඇත්තටම අයිති කෙනාට ඒ චෝදනාව එල්ල කිරීම. ඒ තුනෙන් එකක් තමයි සිදු විය හැක්කේ. එතකොට මේ චෝදනාව වක්‍රාකාරයෙන් ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට බව පැහැදිලියි. රටේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ‘වහෙන් ඔරෝ’ භාෂාවෙන්  කියනවා, ‘රටේ අගමැති CID, FCID හා අල්ලස් කොමිසම දේශපාලන අරමුණු වෙනුවෙන් පාව්චිචි කරනවා. ඒක මට පිළිකුළ්. මම ඒක හෙළා දකිනවා’ කියලා.“ යැයි මන්ත්‍රීවරයා සඳහන් ක‍ළේය. 

“අපි 2015 ජනවාරි 08 වැනිදාට කලින් කීවා, ‘මේ අවුල් හවුල බලයට ආවොත් ආඬි හත්දෙනාගේ කැඳ හැලියට හපන් වෙනවා’ කියලා. මේ ‘යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් විතර තිබෙනවා. සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි, අගමැති වික්‍රමසිංහගේ ආණ්ඩුවයි එතැන දෙකයි, ඒ දෙක හැප්පෙනවා. අර්ජුන රණතුංගගේ ආණ්ඩුවයි, දයාසිරිගේ ආණ්ඩුවයි තවත් දෙකක්. ඒ දෙක හැප්පෙනවා. කියලා කෙළවර කරන්න බැරි මේ විදිහේ එකිනෙක හැප්පෙන ‘මිනි ආණ්ඩු’ මේ යහපාලන ආණ්ඩුව’ ඇතුළේ තිබෙනවා. “ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් 
යහපාලන ආණ්ඩුව ඇතුළේ ‘මිනි ආණ්ඩු’ 60ක් 
http://ift.tt/2e6xOrH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy