ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සඳහා වූ ජන රැළියයක් අද බදුල්ලේදී ප...
ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජන රැළිය පැවැත්වුණේ බදුල්ලේ වීල්ස් පාක් පිටියේදීය.
එහිදී රැස්ව සිටි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ජන රැුළිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල නියෝජනය කරන මැති ඇමතින් ගණනාවක්ම එක්ව සිටියහ.
ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් ඉදිරි නොවැම්බර් මාසයේදී තමන් මේ රටේ ඉහළම තැනට යන බවද ඇමැතිවරයා පැවසීය.
කෙසේ වෙතත් ඇමතිවරයා පිළිගැනීමේ අවස්ථාවේදී මල් මාලාව පලදවන්නට පුද්ගලයාම වේදිකාවෙන් බිමට ඇද වැටීම සමාජ ජාලයන්හි වේගයෙන් පැතිරී යමින් තිබෙන්නේ එය අසුබ ලකුණක් යයි සදහන් කරමිනි.
COMMENTS