දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආන්ඩුව ඉන්නේ අමු හෙළුවෙන්ය - Naked Government
කැස්ත්‍රෝගෙන් නිරුවත වසා ගන්නා පක්ෂ නායකයන් දෙදෙනෙක් - අවන්ත ආටිගල
Homeදේශපාලන

ආන්ඩුව ඉන්නේ අමු හෙළුවෙන්ය - Naked Government

PropellerAds

කැස්ත්‍රෝගෙන් නිරුවත වසා ගන්නා පක්ෂ නායකයන් දෙදෙනෙක් - අවන්ත ආටිගල ගොඩක් උන් කියන්නේ, පොලිස්පති රෙදි ගලව ගත්තා කියලාය. ඝෝඨා උන්...

ජනාධිපතිවරණය-මහ මැතිවරණය දිනන්න එජාපයෙන් වෙබ් අඩවි 20ක්.. මාසික පඩිය ලක්‍ෂ 10න් උඩ !
ඉසුර බස්නාහිර නව ආණ්ඩුකාර ධුර.. සාලි ඉවතට !
සජිත් අගමැති කරන්න මංගල කුමන්ත්‍රණයක !

ගොඩක් උන් කියන්නේ, පොලිස්පති රෙදි ගලව ගත්තා කියලාය. ඝෝඨා උන්නැහෙත් ටැලිවිසොන් එකෙන් එහෙම කිව්වේය. එයා කිව්වේ, එයාලාගේ කාලේ උන්නේ ප්‍රොෆෙසනල් පොරවල් කියලය.  අපරාදේ කියන්නේ, කුඩු කාරයන්ගෙන් ගෙවල් හදාගත්, මහින්දගෙන් කාමරයේදි බඩ පිරෙන්නට කා, එයිට පස්සේ බ්‍රසීලය බලා ගිය එකා මොකෙක් උනෙත්, ඉලංගකෝන් ලොක්කා නම් පොලිස්පති කමේ ගෞරවය නියමාකාරයෙන් රැක්ක පොලිස්පති කෙනෙක්ය කියලාය. සමහර විට උන්නැහේට එහෙම ඉන්න ලැබුනේ, බලෙන් පොලිස්පතිකොම කරාපු අනුර සේනානායක උන්නැහේ නිසාමය. ස්වාමියා එලියේ ඉඳිද්දි, බල්ලා ඇතුලේ ඉන්නේ කළ හොඳ පස්සෙන් එනවාය කියන කතන්දරේ නිසා වෙන්නත් පුළුවන්ය.

ඒ මක්කා උනත්, ඝෝඨා උන්නැහේ කියනවා වාගෙම මේ පොලොස්පති නම් කිසිම ප්‍රොෆෙසොනල් බුවෙක් නම් නෙමේය. සභාවක් අමතද්දි ෆෝන් වලට ආන්සර් කරන්න, ඒ යකා ගොනෙක් වෙන්න ඕනාය. මේ එහෙම කරපු දෙවන අවස්ථාවය. එයා හිතන්නේ ඒක ලොකු කම්ක් කියලා වෙන්න පුළුවන්ය. ඒත් ඉතින්, වැදගත් කර්යබහුල මිනිසුන්ගේ ෆෝන් එක තියෙන්නේ තමන්ගේ අතේ නෙමේය. බඩි ළඟ හෝ සැක්‍රටරි කෙනෙක් ළඟය. මුන්නැහේ එහෙම නොදෙන්නේ, හොර කේස් අරවා මේවා තියෙන නිසාදෝ කියා කියන්න දන්නේත් උන්නැහේමය.

මේ ආන්ඩුවේ හොරු අල්ලන වැඩේ බොනිකර තරුවක් කියා අපි කියන්නේ, ගේම පටන් ගත්ත කාලයේ පටන්මය. ආන්ඩුව කරන්නේ තනිකර ඩීල් එකක් බවත් අපි එදා ඉඳලාම කීවේය. එහෙම කියනා කොට සම හරක් අපිට කීවේ, අපි කළබල වෙලාය කියලාය. ඒත් ආන්ඩුවේ හැම පාර්ෂවයක්ම කලේ රාජපක්ෂලා එක්ක හැමිනෙන්න යාමය.  පූජිත උන්නැහේ ලෝක පූජීත වෙලා අජූත වෙලා යන සීන් එකෙන් උනේ, ආන්ඩුව ඉන්නේ අමුම අමු හෙළුවෙන් කියා මුළු ලෝකයාම දැන ගත්ත එකය.

මීට කලින් ආන්ඩුවේ රෙදි ගැලෙව්වේ අධිකරණ ඇමතිවරයාය. ඒ, උන්නැහේ ඉන්නකන් ඝෝඨා අත් අඩංගුවට පත් වෙන්න දෙන්නේ නැතෙයි කියලාය. අපි දන්නා තරමින් අධිකරණ ඇමතියාට එහෙම බලයක් නැත්තේය. අද ඊ නිව්ස් එකට ගහන්න ගිය උන්දෑ, උන්නේ ජී නාගෙනය. විරෝධය ඇතුලෙන්මය. ඕනාවට වඩා මොලේ වැඩි උනාමත් කෙලින්නේ පිස්සුමය. ඔය ජී ඇල්ලාට, නලීන් ද සිල්වලාට ඉතරක් නොව බාහුලාට වෙලා තියෙන්නේත් එකමය.

ඊළඟට නෑවේ පත්තරෙන් ඔක්කෝම දැන ගන්නා පරණ පත්තරකාරයෙක්, ග්‍රාමසේවකයෙක්, රැහේ එකෙක්, අපේ එකෙක් මෙන්ම, සමහර විර බස් ඩැයිවර් කෙනෙක්ද විය හැකි, අපේ අතිගරු ජනාධිපති උතුමානන් වහන්සේය. හැබයි එතන උනේ වෙන එකක්ය. එයා නාහෙන් ඇඬුවේ, සිඳුවීම් සියල්ල සිද්ද වන්නේ එයාට ඕන විදියට නෙමෙයි කියලාය. එයා කිව්වේ FCID එකේ ඔක්කොම වෙන්න ඕන එයාව දැනුම්වත් කොරලා හිටන් කියලාය. සම හරක් විට දැන් වෙනවාත් ඇත්තේ එහෙමය. මොකෝ දැන් නාහෙන් අඬන්නේ නැති නිසාය.

ඒ බර බරෙන් උනේ රාජපක්ෂලා පමණක් නොව, ලසන්තලා, එක්නැලිගොඩලා මෙන්ම, තාජුඩින්ලාට ගේම දුන් මිනිමරුවෝ රොත්තද ආතල් එකේ ගෙදර යාමය. මුන්ට බලයට එන්න විකුණා කෑ උන්ටත් එහම නම්, ජනතාව පයිසෙකට මායිම් නොකරනා එක පුදුම විය යුතු කාරනා නෙමේය. දැන් උන්නැහේ රට කරවීම පැත්තකට තබා කොරන්නේ, තමන් බලයට ගෙනා යූ ඇන් පී කාරයන්ට කෙලවන්නේ කෙසේද කියා ගේම් ගහනා එකය. එපමණක් නොව ඒ අඳෝනාව අස්සේ හීන් සීරුවේ මෙත්පල් කුමාරයාගේ නයිට් ක්ලබ් කේස් එකත් යට ගහ ගත්තේ මහින්දගේ ජඩමාද්දියවේදීන්ටත් අමතක වන ආකාරයටය. කොහොම හරි, ඒ ගේම මෙත්පල් මැතිනියගේ වැඩක්ද කියා හිතෙන්නේ, ඒක ඒ තරමටම සක්සෙස් එකක් උන නිසාමය.

ඔය මක්කා උනත් පොලීසියට මොකෙක් හෝ අපතයෙක් ඕඩර්ස් දෙනවා කියන එක අර සිවිල් පොරවල් විශ්වාස කොලේ නැතිය. එයාලා යහපාලන ඇටේ වැටෙනකන් තාමත් එළුවාගේ පස්සෙන් යනවාය. උන්ටත් විලි ලැජ්ජාවක් කියලා එකක් ඇත්තේ නැතිය. එහෙම නැත්නම් කීයක් හරි හම්බ වෙනවා වෙන්නත් පුළුවන්ය. ඒත් පොලිස්පතිට ආපු කෝල් එකෙන් ඔක්කොම නන්න පෝල් වෙලා ගියේය. පොලිස්පති එයාගේ ඇඳුම් ගලවා ගත්තා පමණක් නොව මුළු ආන්ඩුවේම ඇඳුම් ගලවලා දැම්මේය. සියල්ල සිඳු වන්නේ එක එකාට ඕනා විදියට බවත්, FCID ය, කිසි සේත්ම ස්වාධීන ආයතනයක් නොවනා බවත්, අද උපන් පොඩි එකා පවා දැන ගත්තේය. 

කස්ටිය ඇහුවේ "සෑර්" කවුද? "නිළමේ" කව්ද කියලාය. නිළමේ මොකාද කියලා එළි උනාට, සෑර් කව්ද කියන එක ගැන අදටත් නෝ කතාය නෝ සිනාය. වැඩියෙන් යන්නේ සාගලගේ නමය. ඒ උනාට වෙච්ච දේවල හැටියට, මේ සෑර්, ජනපති වෙන්නත් පුළුවන්ය, අගමැති වෙන්නත් පුළුවන්ය, සාගල වෙන්නත් පුළුවන්ය, සමහර විට මහින්ද හෝ ඝෝඨා වෙන්නත් පුළුවන්ය. ඒ වගේම අපේ ඇල්ල ළඟ කිරී විකුණන ජෝකරයා කියනවා වාගේ පූජිත කොලුවාට උගන්නපු ඉස්කෝලේ සෑර් කෙනෙක් වෙන්නත් පුළුවන්ය.

අර කිව්වා වාගෙ මහින්දගේ උන් ඇවිල්ලා FCID එකේ පරීක්ෂණ පවත්වන උන් ගල් ගහලා මරලා දානවාට වඩා, ඔය මලදානේ වහලා දැම්මා නම් අහවරය. ඔතනින් පරීක්ෂණ කොරත් ගූ ගොඩක් උන නීතී පති දෙපාර්තමේන්තුව හා අන්ත දූෂිත අධිකරණයෙනුත් ඕවා නවතිනවාය. ඒ නැතත්, හිරේ දැම්මත් උන්ට රජ සැපය. එතන බන්ධනාගාර රෝහලට වෙලා ආතල් එකේ ඉන්නවාය. ගෙදරින් කෑම එනවාය. ලෑම සඳහා එලියටත් යනවා ඇතිය. ආයතන සියල්ලම එකම විකාරයක්ය.

තාජුඩින් කේස් එකට පරිප්පු කන්නේ ලාම්පුව අල්ලපු උන්ය, ගේම දුන් උන් එළියේය. කම්බ හොරුන් බව ඔප්පු වූ, යෝෂිතලා, නාමල්ලා, ජොනීලා, වෙල්ගමලා, මහින්දානන්දලා, බැසිල්ලා පමණක් නොව, ඩේසී ආච්චිලාත් එලියේ ආතල් එකේය. සම හරක් පක්ෂත් හදලා ආන්ඩුවට කෙලින්නත් යනවාය. ප්‍රාදේශිය හොරු, මිනිමරුවෝ, ළමා අපචාරකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, පිම්පියෝ, බඩු ඉස්පොට් කාරයෝ, බාර් කාරයෝ, රස්තියාදුකාරයෝ, හොර ගෑණු, ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොලට කෙලින්න එනවාය. මෙහෙම නාගන්නා ආන්ඩුවක් මේ ලොවේ තියා කිසිම ලෝකයක නැතිවාට සැක නැතිය. 

කුමා ගුණරත්නම් අවුරුද්දක් පරිප්පු කන කොට, විමල් වීරවංශයා අදටත් එලියේය. එයා බේර ගත්තේ අගමැතිය කියලා එයා ප්‍රසිද්ධියේම ප්‍රකාෂ කොරනවාය. එයාගේ කලසන් කෝට් එයාම ගලවලා දානවාය. අපිට කරදරයකුත් ඇත්තේ නැතිය. දැන් තියෙන්නේ, හරි නම් හොරුන්ට උදව් කරනවාට එයා අල්ලලා ඇතුලට දාන එකය. කොහොමත් මොකා නැතත් සිරිසේන උන්නැහේම ඒ දේ කොරන්නත් ඉඩ තියෙනවාය.

අපිට නම්, මේ ගොන් වහන්සේලාට කියන්න තියෙන්නේ හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරුන්ට කියලා ඇර ගන්නා දිනය නම් පෙනෙන තේක් මානයේය කියලාය. 

මේ වගත් එසේය...

මාතලන් | Maathalan


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආන්ඩුව ඉන්නේ අමු හෙළුවෙන්ය - Naked Government
ආන්ඩුව ඉන්නේ අමු හෙළුවෙන්ය - Naked Government
http://ift.tt/2hfdRnj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/naked-government.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/naked-government.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy