'සජිත් අගමැති කරන්න අප්‍රේල් 12 වෙනිදා හිල්ටන් හෝටලයේ මහා කුමන්ත්‍රණයක්'' මැයෙන් අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ මාධ්...
'සජිත් අගමැති කරන්න අප්‍රේල් 12 වෙනිදා හිල්ටන් හෝටලයේ මහා කුමන්ත්‍රණයක්'' මැයෙන් අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ මාධ්‍ය උපදේශකවරිය සිය මුහුණු පොතෙහි තබා ඇති සටහන එජාප ජනාධිපති අපේක්ෂක සටනේ තීරණාත්මක කඩඉමක් බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එම FB සටහන තබා ඇති ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මියගේ සොයුරු ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියයි. පුවත් වෙබ් අඩවියක පළවී ඇති වාර්තාවක් උපුටා දක්වමින් ඇය එම සටහන තබා ඇති තිබේ.
එම පුවත් වාර්තාවට අනුව පසුගිය 12 දා පැවති 'හිල්ටන් රහස්' සාකච්ජාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද සහභාගිවී ඇත.
ඉෂිනි වික්‍රමසිංහ මහත්මියගේ එම FB 'පොස්ටුවට මුදල් අමාත්‍යවරයා ද හාස්‍යයෙන් යුතුව ප්‍රතිචාර දක්වා ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩලයේ අයකු සටහනක් තබමින් පවසා ඇත්තේ එදින ඇමතිවරයා දිවයිනේ ද නොසිටි බවයි.
ආන්දෝලනාත්මක FB සටහන තබා ඇති ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස ද කටයුතු කළාය. ඇය මේවනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රචාරක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

COMMENTS