දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොකු පෙරළියකට මහින්ද - මෛත්‍රී වෙන්ව සටනට සූදානම්
Homeප්‍රවෘත්ති

ලොකු පෙරළියකට මහින්ද - මෛත්‍රී වෙන්ව සටනට සූදානම්

PropellerAds

මෙතෙක් සිදුකළ දේශපාලන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන්ට ලබන හෙට (23) බත්තරමුල්ල නෙළුම්...

තීරණාත්මක කෘත්‍යාධිකාරිය අවසන්.. එජාපය දෙකඩයි.. රනිල් අලියාගෙන්.. සජිත් දුරකතනයෙන්
සහරාන්ගේ ගෙදරට⁣ දේශපාලකයෝ රොත්තක් ඇවිත්! ඉහළ දේශපාලන බලපෑමකින් පොලිසිය cctv දර්ශන මකලා!
විදෙස් ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ අරමුදලක්
ලොකු පෙරළියකට මහින්ද - මෛත්‍රී වෙන්ව සටනට සූදානම්

මෙතෙක් සිදුකළ දේශපාලන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන්ට ලබන හෙට (23) බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා ගම් මට්ටමෙන් සිදුකර ඇති ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී විමසීමට නියමිත බව වාර්තාවේ.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සහ විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පවත්වනු ඇත.

මේ අතර ඉදිරි සති දෙක ඇතුළත උතුරු නැගෙනහිර ද ඇතුළු සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ආසන සංවිධායකවරුන් පත් කිරීමට කටයුතු කරන බවත් ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතු මාර්තු 31 වැනිදා වන විට අවසන් කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හා දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් හමුවේ පෙරේදා (20) ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයේදී ශ්‍රීලනිපය ජයග්‍රහණය කරා ගෙන යැමේ කටයුත්ත තමන් විසින් සිදු කරන බවත් ඒ සඳහා සියලු ආසන සංවිධායකවරුන්ට සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන්ට කැප වී කටයුතු කරන මෙන් තමන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන මැයි මාසයේදී කොට්‌ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 

ඊට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ පදනම් ආයතනයේදී පෙරේදා පැවැති එම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රීලනිපය නියෝජනය කරන සංවිධායකවරුන් විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාව සඳහා සහභාගී වී ඇති අතර ඊයේ දහවල් 12 සිට පැය දෙකහමාරක පමණ කාලයක්‌ මෙම හමුව පදනම් ආයතනයේදී පැවැත්විණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොකු පෙරළියකට මහින්ද - මෛත්‍රී වෙන්ව සටනට සූදානම්
ලොකු පෙරළියකට මහින්ද - මෛත්‍රී වෙන්ව සටනට සූදානම්
http://ift.tt/2haX3ML
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_993.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_993.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy