දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුස්ලිම් කොංග්‍රසයේ අවුල තවත් දිග් ගැස්සෙයි!
Homeප්‍රවෘත්ති

මුස්ලිම් කොංග්‍රසයේ අවුල තවත් දිග් ගැස්සෙයි!

PropellerAds

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගැනීම සඳහා ඊයේ(14) පැවති උත්තරීතර මණ්ඩල රැස්වීම එකඟතාවකින් තො...

සජිත්ගේ ගුරු හමුවේ සෙනග නෑ කියා මහලේකම් අකිල ආපසු යයි - (video)
සජිත්-මංගල මත ගැටේ.. එල්ලා මරන බව සජිත් කියයි
සජිත්ගේ ගුරු හමුවේ සෙනග නෑ කියා මහලේකම් අකිල ආපසු යයි - (video)
මුස්ලිම් කොංග්‍රසයේ අවුල තවත් දිග් ගැස්සෙයි!

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගැනීම සඳහා ඊයේ(14) පැවති උත්තරීතර මණ්ඩල රැස්වීම එකඟතාවකින් තොරව අවසන්වී තිබේ. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීම පක්ෂ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) රාත්‍රියේ කොළඹ එම පක්ෂ මූලස්ථානයේදී පැවති අතර ඊට මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලී මහතා සහභාගි නොවීම විශේෂත්වයකි.

ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙන තත්ත්වයකුයි නිර්මාණය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් ධුරයේ තවදුරටත් හසන් අලී තබාගැනීමට සහ අලුතින් පරිපාලන ලේකම් ධුරයක් ස්ථාපිත කිරීමට උත්තරිතර මණ්ඩලයේ බහුතරයකගේ එකඟතාව ලැබී ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නියෝජිත සමුළුවේ දී පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරමින් මහ ලේකම් ධුරයට අමතරව අලුතින් ලේකම් ධුරයක් ඇති කිරීමට තීරණය විය.

ඒ අනුව හසන් අලී මහතා මහ ලේකම් ධුරය දරණ අතරතුර ලේකම්වරයා ලෙස මන්සූර් කාදර් මහතා පත් කරනු ලැබීය. මෙම පත් කිරීමෙන් පසුව මුස්ලිම් කොංග්‍රසය තුළ අර්බුදයක් හටගත් අතර, නව ලේකම් ධුරය සම්බන්ධයෙන් මහ ලේකම් හසන් අලී මහතාගේ විරෝධය අඛණ්ඩව පැවතුණි.

මේ අතරතුර පසුගියදා පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා වෙත  ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ නිසි පරිදි බලය පැවරෙන තනතුර ලේකම්ද, නැතහොත් මහ ලේකම්ද යන්න නිශ්චිතව දැනුම්දෙන ලෙසයි. අද දිනයේදී මේ පිළිබඳ තීරණය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අමාත්‍ය රවුෆ් හකීම් මහතාට දැනුම්දී තිබිණි. 

ඒ අනුව අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ දරුසලාම් පක්ෂ මූලස්ථානයේදී මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය රැස්විය.

මෙම උත්තරීතර මණ්ඩල රැස්වීමේදී අද හෝ හෙට මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ මහලේකම් හසන් අලී මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබේ. 

යම් හෙයකින් හසන් අලී මහතාගේ පාර්ශවයෙන් ඒ සඳහා සහභාගීත්වයක් නොලැබුණහොත් මෙම තනතුරු අර්බුදය පිළිබඳ ලබන වසරේ ජනවාරි 02 වනදා රැස්වන මීළඟ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයා මැතිවරණ කොමිසමට කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බවටද එහිදී තීරණය වූ බවද වාර්තාවේ.

හසන් අලි මහතා අම්පාර නින්දවූර් හි පිහිටි ඔහුගේ නිවසට මුස්ලිම් ක්‍රියාකාරීන් කැඳවා විශේෂ රැස්වීමක් පැවැත්වීම පිළිබඳව උත්තරීතර මණ්ඩල රැස්වීමේදී හසන් අලි මහතාට විරෝධය එල්ල වීතිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති පක්ෂ නියෝජිත සමුළුවේදී පක්ෂ ව්‍යවස්ථාවේ වෙනස්කම්වලට අනුව අලුතින් ලේකම්ධූරයක් ප්‍රකාශයට පත් කළ අතර එම ධූරයට මන්සූර්  ඒ කාදර් මහතා නම් කෙරිණි.

මැතිවරණ කොමසාරිස්වරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා සමග ගනුදෙනු කිරීමේ බලය ලේකම්වරයාට හිමිවන බවද එහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව මහලේකම් ධූරයේ කටයුතු කළ හසන් අලි මහතාගේ බලතල කපාහැරීමක් සිදුවූ අතර ඒ හේතුවෙන් එම පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදයක් හට ගැනුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් කොංග්‍රසයේ අවුල තවත් දිග් ගැස්සෙයි!
මුස්ලිම් කොංග්‍රසයේ අවුල තවත් දිග් ගැස්සෙයි!
http://ift.tt/2gNvRn9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_926.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_926.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy