මුදල් විශුද්ධීකරණය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජකයෙකු බව කියන රියෙන්සි එඩ්වර්ඩ්ස් ඇතුළු හය දෙනෙකුට අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ...
මුදල් විශුද්ධීකරණය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජකයෙකු බව කියන රියෙන්සි එඩ්වර්ඩ්ස් ඇතුළු හය දෙනෙකුට අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇතැයි වාර්තා වේ.
අමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික මුදලක් වංචා සහගත ලෙස භාවිත කිරිම වෙනුවෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
අධික ප්‍රතිලාභ ලබාදෙන ලෙස පවසමින් අමෙරිකාවේ මෙන්ම ලෝකයේ රටවල් කිහිපයක ජනතාව ඔවුන් විසින් රවටා ඇති බව අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
රජයේ අනුග්‍රහය ලබමින් ඔවුන් මෙම ආයෝජන සිදුකරන බවට ප්‍රකාශ කර ඇතත් එය අසත්‍යක් බවත් එසේම රජයෙන් කිසිදු අනුග්‍රහයක් ලැබි නොමැති බවත් එරට අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
2013 වසරේ ජුනි මාසයේ සිට 2016 වසරේ අගෝස්තු මාසය දක්වා ඔවුන් මෙම නිතිවිරෝධී ව්‍යාපාරයේ යෙදී ඇතැයිද එම නිවේදනයේ දැක්වෙයි.
මේ පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය එඩ්වඩ් මහතාගෙන් විමසා ඇති විට ඔහු පවසා ඇත්තේ තමන්ට මේ පිළිබඳව අමෙරිකාව හෝ තානාපති කාර්යාලය තමන්ට දැනුම් දීමක් කර නැති බවත් තමන් ආයෝජනය කරන්නෙකු නොවන බවත් ආයෝජකයන් සඳහා උපදෙස් ලබාදීම සිදුකරන බවත්ය.
COMMENTS