2017 වර්ෂයේ දී කෑගලු දිස්ත්‍රික්කය තුළ ලැයිම් කාමර වල ජීවත් වන සිංහල- දෙමළ පදිංචිකරුවන් වෙනුවෙන් තනි නිවාසය බැගින් ලබා දෙන වැඩසටහනක් කඳුරට...
2017 වර්ෂයේ දී කෑගලු දිස්ත්‍රික්කය තුළ ලැයිම් කාමර වල ජීවත් වන සිංහල- දෙමළ පදිංචිකරුවන් වෙනුවෙන් තනි නිවාසය බැගින් ලබා දෙන වැඩසටහනක් කඳුරට නව ගම්මාන පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇත.
එක් පවුලකට එක් නිවාසයක් යන තේමාව යටතේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ සංකල්පයකට අනුව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් වතු සේවක සංගමයේ ලේකම් ඒ.පංචනාදන් මහතා පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන්ට ඇති ප්‍රධානතම ගැටළුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ නිවාස ගැටළුවයි. එයට විසඳුමක් ලෙස වත්මන් රජයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම තනි නිවාස ව්‍යාපෘතිය තමන්ගේ අනාගතය යහපත් කිරීමට ගත් උදාර පියවරක් ලෙස වතු කම්කරුවන් පෙන්වා දෙති.
COMMENTS