දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘නිලමේ‘ට තිබෙන චෝදනා මෙන්න - යහපාලනය රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින්නේ මෙහෙමයි
Homeප්‍රවෘත්ති

‘නිලමේ‘ට තිබෙන චෝදනා මෙන්න - යහපාලනය රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින්නේ මෙහෙමයි

PropellerAds

රුපියල් ලක්ෂ 55ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සදහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු ච...

මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි
“මම ගම්මන්පිලට ලණු දුන්නේ නැහැ” - බන්දුල පිළිතුරු දෙයි
මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි
‘නිලමේ‘ට තිබෙන චෝදනා මෙන්න - යහපාලනය රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින්නේ මෙහෙමයි

රුපියල් ලක්ෂ 55ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සදහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවකට විමර්ශන සිදුවන අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට බලපෑම් එල්ලවීම තුල යහපාලන රජය එළිපිටම හොරු රකින බව හෙළිවී ඇතැයි දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(05) රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී ය.

එහිදී තෙන්නකෝන් මහතා මෙසේද පැවසී ය.

“ ‘නිලමේ‘ හෙවත් දිශාන් ගුණසේකර 2010 සිට 2015 ජනවාරි 8 දක්වා ලංකා මිනරල් සෑන්ඩ් හි සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයන් හි කටයුතු කලා.  ඔහුට එරෙහිව මේ වන විට සිදුවන විමර්ශන ගණනාවක් සිදු වෙනවා. ලංකා බැංකුව මගින් රුපියල් මිලියන 500 ක ණයක් ලබා ගෙන මිනරල් සෑන්ඩ් සමාගම සදහා කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසා භාණ්ඩ ආනයනය කළා. කවදාවත් අලුත් කර්මාන්ත ශාලාවක් හදලා නෑ. දැන් මෙම භාණ්ඩ දිරායනවා. 2015 ජනවාරි 6 දින මැතිවරණය දින දෙකකට පෙර මෙම ණය මුදල පියවා සභාපතිවරයා ගෙදර යනවා. මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දුන්නා. මුලින් මිලියන 30 ක්  පසුව තවත් මිලියන 10 ක්. මුදල් ගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට. මුදල් ඉල්ලුවේ නාමල් රාජපක්ෂ මහතා යි. හදපු බීච් පාක් එකක් නෑ.  මුදල්වලට වෙච්ච දෙයකුත් නෑ. මේ ගැන දැන්ත් දැන් පොලිස් පරීක්ෂණ තියෙනවා.“

“ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ දුෂණ එතැනින් අවසන් නෑ. ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ලබා ගෙන තියෙනවා.  ජනාධිපති කාර්යාලයේ ‘අමිල‘ නම් පුද්ගලයෙකු මාසිකව රුපියල් 140,000 ක චෙක්පත අරගෙන ගිහින් තියෙන්නේ. මේ ව්‍යාජ සේවා ගිවිසුමෙන් රජයට සිදු කොට ඇති පාඩුව රුපියල් පනස් ලක්ෂ අනු හතර දහස් හයසීයයි. (මිලියන 5.5 යි). ලේඛණවල දැක්වෙන්නේ පීඩී 2199 (2012 මාර්තු 29 සිට 2014 දෙසැම්බර් දක්වා), කේබී 5303 (2011.04.26 සිට 2014 ජූලි දක්වා) ලබාගත් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා.“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

“ මොහුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නෑ කියලා චෝදනාවක් තිබුණා. මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සදහා යොදවා ඇති බවට සැබවින්ම ඔවුන් කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුයි. නීතිඥ එස්.කේ. ලියනගේ එක් පුද්ගල විනිශ්චය සභාව මේ ගැන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිළි කරන්න උපදෙස් දුන්නා. දැන් ඒ විමර්ශන සිදු වෙනකොට තමයි මේ බලපෑම් එල්ල වෙන්නේ. ආණ්ඩුව පැහැදිලිවම මහා පරිමාණ හොරු රකින තැනකට ගිහින් තියෙනවා. මේ සිදුවීමෙන් පෙනෙන්නේ ඒ බවයි.  දැන් හොරු රකින්නේ කවුද කියා හොදටම පැහැදිලියි“ යැයි ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට පුජ්‍ය උලපනේ සුමංගල, හා පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ හා චමීර පෙරේරා යන අය ද සහභාගීවුහ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘නිලමේ‘ට තිබෙන චෝදනා මෙන්න - යහපාලනය රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින්නේ මෙහෙමයි
‘නිලමේ‘ට තිබෙන චෝදනා මෙන්න - යහපාලනය රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින්නේ මෙහෙමයි
http://ift.tt/2g1EDdJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_677.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_677.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy