මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහයෝගය මත කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන බ...
මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහයෝගය මත කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මැතිවරණවලදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා මෙම ක්‍රියාදාමය සිදුකරන බවත් ඒ සඳහා දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම විද්වතුන්ගේ අදහස් ලබාගැනීම සිදුකිරීම ආරම්භ කර තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
සකස් කරන කෙටුම්පත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, එය පාර්ලිමේන්තුවේ සකස්වන නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම්ද මේවනවිට සකස් කරමින් සිටින බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
අදාළ මුදල් සීමා කිරීම බලප්‍රදේශයට අනුව සහ විවිධ මැතිවරණවලට ගැළපෙන ලෙස සකස් කිරීමට කටයුතු කරන බව පැවසූ හෙට්ටිආරච්චි මහතා ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර මෙම කෙටුම්පත සකස් කරන බවද පැවසුවේය.
COMMENTS