දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උදරයේ සැත්කමක් වැරදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේදී මියගිය ඉරේෂා සඳමාලිගේ‍ මරණය ගැන පරීක්ෂණ
Homeගොසිප්

උදරයේ සැත්කමක් වැරදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේදී මියගිය ඉරේෂා සඳමාලිගේ‍ මරණය ගැන පරීක්ෂණ

PropellerAds

උදරයේ සැත්කමක් වැරදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේදී මියගිය 35 හැවිරිදි ඉරේෂා සඳමාලිගේ  මරණය ගැන පරීක්ෂණ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික...

මම අද මෛත්‍රීපාලගේ ගෙදර යනවා එයා මගේ සේවකයෙක්
තුන්වන විනිසුරුගේ තීරණය එනතුරු මහින්ද රනිල් විමසිල්ලෙන් (අගහ. කාටූන්)
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද 10 නෙමේ හෙට 11 ?

උදරයේ සැත්කමක් වැරදී
නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේදී මියගිය
35 හැවිරිදි ඉරේෂා සඳමාලිගේ 
මරණය ගැන පරීක්ෂණ

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ඇතුළත්ව ශල්‍යකර්මයකට භාජනය කළ  35 හැවිරිදි අලුත විවාහවූ කාන්තාවකගේ අනපේක්ෂිත මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ඇගේ ඥාතීන් සහ සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉල්ලීම් කර තිබේ.
රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුව ඇති බවට ඔවුන් චෝදනා කර තිබේ.
දෙල්ගොඩ අහුගම්මන පදිංචිවී සිටි ඉරේෂා සඳමාලි ජීවන්දර නමැති මෙම කාන්තාව විවාහ වී අවුරුද්දක් ගතවූ පසුව උදරයේ පහළ
රිදුම් ඇතිවී රාගම පුද්ගලික රෝහලකින් මුලින් ප්‍රතිකාර ලබා ඇති අතර පසුව අදාළ වෛද්‍යවරයා විදෙස්ගතවීම නිසා මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගන්නට යොමුව තිබේ. පෙර වෛද්‍යවරයාගේ සියලුම වාර්තාද සැලකිල්ලට ගෙන ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව එහි වෛද්‍යවරුන් පවසා ඇත්තේ

කාන්තාවගේ ගර්භාෂයේ ගැටිති කිහිපයක් හටගෙන ඇති බවයි. මෙය ‘පාස්ටින්‘ නමැති සුළු සැත්කමකින් ඉවත් කර ඉක්මණින් සුව කරගත හැකි බව පෙන්වාදී ඇති වෛද්‍යවරුන් කාන්තාවගේ සැමියාට එම සැත්කමට යොමු වන්නට පෙළැඹවීම් කර තිබේ. මෙම අසනීපය හැර කිසිදු අසනීපයක් නොතිබුණ කාන්තාව සැත්කමට නොපැකිළව ඉදිරිපත්ව ඇති අතර ඇය අවසන් මොහොතේ පවා විහිළු තහළු කරමින් එයට සූදානම්ව තිබේ.

සැත්කම ගැන ඇගේ සැමියා මෙසේ කියයි.
‘වෛද්‍යවරුන් මේක සුළු දෙයක් කියලයි කිව්වේ.එයත් ඉතා හොඳින් හිටියේ. 22 වෙනිදා උදේ ඔපරේෂන් එකට ගත්තා. පැය 2 කට විතර පස්සේ නර්ස්ලා ඇවිත් කිව්වා එයාව දැඩි සත්කාර ඒකකයට ගත්තා කියලා. පසුව ඩොක්ටර් ඇවිත් කිව්වා සැතකමේ බාගයක් ඉවර වෙද්දි එයාගේ හෘද ස්පන්ධනයයි රුදිර පීඩනයයි වැඩිවුණ නිසා සැත්කම නතර කරලා අයිසීයූ දැම්මා කියලා.කොහොමහරි එදා රෑ 12.30 වෙනකොට අයිසීයූ එකේ හිටිය දොස්තර කිව්ව දැන් නම් එයා හොඳ තත්වයට ඇවිත් කියලා. ඒත් පාන්දර 2 ට දොස්තර ඇවිත් කියනවා ‘බෑඩ් නිවුස්..අපිට එයාව බේරගන්න බැරිවුණා..‘ කියල. දෙයියනේ මගේ නෝනා ඇතුළු කළේ බඩේ වේදනාවකට. සුළු සැත්කමක් කරනව කියලයි කිව්වේ. අන්තිමට මිනිය තමයි භාර දුන්නේ‘

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර මරණය සිදුවූ ආකාරය තවමත් පරීක්ෂණ මට්ටමින් පවතී.
 දේහය පිළිබඳ අවසන් කටයුතු අද 26 වනදා සිදු කිරීමට නියමිතය.

ජීවිතක්ෂයට පත්වූ කාන්තාව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ප‍්‍රධාන කිරීමේ ආයතනයේ ශීක්ෂණ රෝහල ලෙසද භාවිතා කරන නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ප‍්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මියගිය බවට සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරන අතර මීට පෙර 2014 වර්ෂයේදී ඩෙංගු රෝගය වැළදී මිය ගිය කවීෂ මධුෂාන් දරුවාගේ මරණයද ඔවුන් මතක් කර දෙයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධාන පරිපාලක වෛද්‍ය බිමන්ත ගුණසේකර කියා සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුවන බවත් ලබන සතියේ මේ ගැන එළිදකින පරීක්ෂණ වාර්තාව අනුව ලැබෙන තීරණයට ගරුකරන බවත්ය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදරයේ සැත්කමක් වැරදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේදී මියගිය ඉරේෂා සඳමාලිගේ‍ මරණය ගැන පරීක්ෂණ
උදරයේ සැත්කමක් වැරදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේදී මියගිය ඉරේෂා සඳමාලිගේ‍ මරණය ගැන පරීක්ෂණ
http://ift.tt/2iu3TiD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_321.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_321.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy