දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නන්දිකඩාල්වල ජයගත්තෙත් ධර්මයේ බලවේගයයි - පාඨලී
Homeප්‍රවෘත්ති

නන්දිකඩාල්වල ජයගත්තෙත් ධර්මයේ බලවේගයයි - පාඨලී

PropellerAds

මෙරට ත්‍රස්තවාදය පරාජය කිරීමේදී බලවත්වූයේ ධර්මයේ බලය බවත් බෞද්ධ දර්ශනය තුළ වන අවිහිංසාවදී බලවේගය ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගැනීමට ඉහවල්වූ බ...

රවීගෙන් පොරොන්දුවක්
නව අමාත්‍යවරුන්ට අයත් විෂය පථ 2019 වසර එළඹීමට පෙර
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප
නන්දිකඩාල්වල ජයගත්තෙත් ධර්මයේ බලවේගයයි - පාඨලී

මෙරට ත්‍රස්තවාදය පරාජය කිරීමේදී බලවත්වූයේ ධර්මයේ බලය බවත් බෞද්ධ දර්ශනය තුළ වන අවිහිංසාවදී බලවේගය ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගැනීමට ඉහවල්වූ බවත් නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අපවත්වී වදාල අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන් අනුස්මරණය කරමින් හෙළතුරුණු සවිය සංවිධානය මගින් කොළඹ 07, තුරග තරග පිටියේ සංවිධානය කර තිබූ ගුණානුස්මරණ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේකුරා කුහුඹුවකුටත් හානියක් නොකොට ඉතාම අවිහිංසා වදනේ බලයෙන් තමයි ඒ මහා සමාජ වෙනස කරන්නට කටයුතු කළේ. විශේෂයෙන්ම උන්වහන්සේ කළ දේශපාලන බලපෑම අපි අමතක කළ යුතු නැහැ. ලක්‍ෂ පහ හමාරක් ජනතාව, බොහෝම දැන උගත් ජනතාව එදා 2004 වර්ෂයේදී අපේ ස්වාමීන්වහන්සේලාට ඡන්දය දීමෙන් තමයි මේ රටේ එතෙක් කල් පැවතිච්ච මේ ද්වි පක්‍ෂ තට්ටුමාරු ක‍්‍රමය ජාතික දේශපාලයකට පෙරළන්න පුළුවන් වුනේ. සෝම ස්වාමීන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ අැති කරපු ඒ ධාර්මික බලවේගයේ අනුහසින් මේ රටේ දැන උගත් ජනතාව ප‍්‍රධාන පක්‍ෂ දෙකේ  වියගහෙන් ගැලවිලා ස්වාධීනව හිතන්නජාතික අරමුණුවලින් වෙනුවෙන් පෙරට එන්න ගත්ත තීරණය නිසා තමයි රට වෙනස් වුනේ. ත‍්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුනේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කවුරුවත් ත‍්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් කියලා කිව්වේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් ත‍්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් කියලා කිව්වේ නැහැ. අද හුගාක් දෙනෙක් ඒකට උරුමකාරයෝ වෙලා තියෙනවා.

රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරගන්න ඕනේ කියලා කිව්වේ ඒ සෝම ස්වාමීන්වහන්සේගේ ධාර්මික බලවේගය. ඒ බලවේගය නිසා තමයි ඒ පක්‍ෂවලට වෙනස් වෙලා අද අපිට නිදහස අත්පත්වෙලා තියෙන්නේ. අද නොයෙක් දෙනා නොයෙක් තැන්වල නැවත වතාවක් ඒ බෙදුම්වාදී අදහස ගෙනයන්න උත්සාහ කරනවා. මේ ළඟදි උතුරු පළාතේ පළාත් සභාව බෞද්ධ සිද්ධස්ථාන තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කරලා තියෙනවා. මේකෙන් පේනව ඒ ගොල්ලන්ගේ හිත් ඇතුලේ කැකෑරෙන වෛරය කොයිතරම් ද කියලා. නමුත් වෙනත් කිසිම පලාත් සභාවක් ඒ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් යටපත් කරන විදිහේ යෝජනා සම්මත කරලා නැහැ.

නන්දිකඩාල්වල ජයගත්තෙත් ධර්මයේ බලවේගයයි. අනාගතයේ එවැනි දෑ සිදුකරන්න සිටින සියළු දෙනාටම කියන්න තියෙන්නේමේ රටේ වසර 2300ක් තිස්සේ රැගෙන ආපු මේ උරුමය අපරාජිතව අපේ නව පරම්පරාවල් ගෙන යන බවයි. ඒ නව පරම්පරාවේ බලය ඔබ තමයි දුවේ පුතේ. ඒ නිසා තවත් වසර දහස් ගණනක් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථියත් ඒ  වගේම වෙනත් සියළුම  ඕනම දැක්මක් අදහන්න මිනිසුන්ට තිබෙන අයිතියත් ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටින නිවහල් චින්තකයෝ හැටියට ඔබ සියළු දෙනාම නැගී සිටලා ඉදිරි කාලයේදීත් මේ රට ඉදිරියට ගෙනයන්න සෑම ආකාරයකම අන්තවාදයන්මූලධර්මවාදයන් ඒ වගේම හිංසාවාදයන් පරාජය කරලා මේ රට ඒ අවිහිංසාවාදයේ තෝතැන්න බවට පත් කරන්නට ඔබ හැම කැපවෙයි කියලා බලාපොරොත්තු වෙනවා".

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නන්දිකඩාල්වල ජයගත්තෙත් ධර්මයේ බලවේගයයි - පාඨලී
නන්දිකඩාල්වල ජයගත්තෙත් ධර්මයේ බලවේගයයි - පාඨලී
http://ift.tt/2gisRf3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_283.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_283.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy