දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හම්බන්තොට ඉඩම් පවරා ගැනීමට එරෙහිව විරෝධතා
Homeප්‍රවෘත්ති

හම්බන්තොට ඉඩම් පවරා ගැනීමට එරෙහිව විරෝධතා

PropellerAds

හම්බන්තොට නව ආයෝජන කලාපය සඳහා ඉඩම් අත්පත් කරගැනීමට එරෙහිව ප්‍රදේශවාසීහු දින ගණනාවක් මුළුල්ලේ විවිධ උද්ඝෝෂණවල නිරතව සිටියි. ඉඩම් අත්පත් කර...

පැසිෆික් සාගරයේ ෆිජි දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් - ලංකාවට බලපෑමක් නෑ
සිංගප්පූරු ගිවිසුම මැයි 01 වනදා සිට ක්‍රියාත්මකයි - මෛත්‍රීගේ කමිටුව පුස්සක්
කොෆී අනන් දිවියෙන් සමුගනියි
හම්බන්තොට ඉඩම් පවරා ගැනීමට එරෙහිව විරෝධතා

හම්බන්තොට නව ආයෝජන කලාපය සඳහා ඉඩම් අත්පත් කරගැනීමට එරෙහිව ප්‍රදේශවාසීහු දින ගණනාවක් මුළුල්ලේ විවිධ උද්ඝෝෂණවල නිරතව සිටියි.

ඉඩම් අත්පත් කරගැනීමට සම්බන්ධ සමීක්ෂණ සහ මැනුම් කටයුතු සඳහා ප්‍රාදේශීය නිලධාරීන් පැමිණි නමුත් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඔවුන්ට ආපසු හැරී යාමට සිදුවිය.

ප්‍රදේශවාසීන් වෙනුවෙන් නිලධාරීන් හමුවේ අදහස් දැක්වූ ගල්ලවිල පුරාණ විහාරයේ විහාරාධිපති බැරගම විමලබුද්ධි හිමියෝ, රජයේ සංවර්ධන කටයුතුවලට ජනතාව විරුද්ධ නැති නමුත් ඒ සඳහා ජනතාව පදිංචි ඉඩම් පවරා නොගන්නා මෙන් ඉල්ලීමක් කළහ.

එහෙත් නිවාස අතහැර ඉඩම් පවරා ගන්නේ නම් අක්කර 1000 ක් වත් අත්පත් කර ගැනීමට නොහැකි වන බව ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ අදහස් දැක්වූ ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ.

ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ජනතාව දක්වන විරෝධය හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේද සාකච්ඡාවට ගැනුනි.

එහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ආයෝජන කලාපය සඳහා ජනතාව වෙසෙන ප්‍රදේශ යොදා නොගන්නේ නම් එම ප්‍රදේශ තුල මැනුම් කටයුතු සිදු කිරීමෙන් වලකින මෙන් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා හම්බන්තොට ඉඩම් අක්කර 15,000 ක් ඇතුළු ඉඩම් පවරාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වන 'ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය' ශ්‍රී ලංකාවේ ගොවීන් ඇතුළු සුළු පරිමාණ වගාකරුවන් අතර පවතින කෘෂිකර්මාන්තය සීමිත පිරිසක් අතට පත් කිරීමේ 'බියකරු සැලසුමක්' පවතින බවට අනතුරු අඟවයි.

BBC සන්දේශය 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට ඉඩම් පවරා ගැනීමට එරෙහිව විරෝධතා
හම්බන්තොට ඉඩම් පවරා ගැනීමට එරෙහිව විරෝධතා
http://ift.tt/2h9SeAN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_243.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_243.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy