පැසිෆික් සාගරයේ ෆිජි හා ටොන්ගා දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණ 8.2ක ප්‍රබල භූ කම්පනයක් අද (19) ඇති වී තිබේ. ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂ...
පැසිෆික් සාගරයේ ෆිජි හා ටොන්ගා දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණ 8.2ක ප්‍රබල භූ කම්පනයක් අද (19) ඇති වී තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම දූපත්වල සිට සැතපුම් 200ක් පමණ ඔබ්බෙන්, කිලෝමීටර් 560ක් මුහුදු පතුලෙන් මෙම ප්‍රබල භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වූ බවයි.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අදාළ දත්තවලට අනුව මෙය සුනාමි තත්ත්වයක් දැයි පරීක්ෂා කෙරුණත්, ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති නොවනු ඇති බව ඔවුන් දැනුම් දී තිබේ. එමෙන්ම, හවායි වෙතද මෙයින් සුනාමි අවදානමක් නොමැති බව සඳහන් කරයි.
මෙම භූ කම්පනයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් භූ චලනයෙන් ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS