දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිටත් වඩා‍ සුපිරි බලතල සහිත ඇමති තනතුරක්
Homeප්‍රවෘත්ති

ජනපතිටත් වඩා‍ සුපිරි බලතල සහිත ඇමති තනතුරක්

PropellerAds

ජනපතිටත් වඩා‍ බලතල ඇති සුපිරි බලතල සහිත ඇමතිවරයෙකු නිර්මාණය කිරීමේ අරමුණින් විශේෂ විධිවිධාන පනතක් පාර්ලිමේන්තුවට ගෙනඒමට ආණ්ඩුව සුදානම් වන ...

යුගදනව් බලාගාරයෙන් 51%ක් ඇමෙරිකාවට විකුණන්න මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක්
බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…
පුදුම වාසනාවකට අයිසෙ මම අවුරුදු පහෙන් ගෙදර ගියේ ! හිටිය නං මං එපැයි මේ කරුමෙට කර ගහන්න !!
ජනපතිටත් වඩා‍ සුපිරි බලතල සහිත ඇමති තනතුරක්

ජනපතිටත් වඩා‍ බලතල ඇති සුපිරි බලතල සහිත ඇමතිවරයෙකු නිර්මාණය කිරීමේ අරමුණින් විශේෂ විධිවිධාන පනතක් පාර්ලිමේන්තුවට ගෙනඒමට ආණ්ඩුව සුදානම් වන බව හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(06) පැවැති මාධ්‍ය හමුවකදී ය. 

රටේ ආර්ථික සංවර්ධනයට අදාළව මෙම පනත ගෙනඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් මෙම පනත මගින් ජනපතිගේ බලතල පවා අභිබවා යා හැකි සුපිරි ඇමතිවරයෙකු බිහිකරන බවත් මෙය අගමැතිවරයා විසින් ගෙන එන්නක් බවත් ජී.එල් පීරිස් මහතා අවධාරණය කළේය.

මීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී හඬ නඟන බවත් එසේම අධිකරණයට ද යන බවත් මෙම පනත මගින් බිහිවන ඇමතිවරයාට එරෙහිව කිසිදු හඬක් නැඟීමට ජනතාවට ද ඉඩ නොලැබෙන බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසූයේ මෙම පනත භයානක එකක් බවත් ඒ අනුව චීනයට ඉඩම් අක්කර ගණනාවක් එකවර දීමට අවශ්‍ය වුවහොත් මෙම පනතින් බිහිවන සුපිරි බලතල සහිත ඇමතිවරයාගේ එක අත්සනක් ඊට ප්‍රමාණවත් බවත්ය.

මේ අතර ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ඉට්කා ඇතුළු වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේ අරමුණෙන් ජනාධිපති බලතල ඉක්මවා යන ඇමති තනතුරක් ඇති කිරීමට හා නිලධාරීවරයෙකු පත් කිරීම සඳහා විශේෂ පනතක් ගැසට් කර ඇති බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත් පත් කිරීමට නියමිත ඇමතිවරයාට හා නිලධාරියාට අතිවිශේෂ බලතල ලබාදීමට නියමිත බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති බලතල ඉක්මවා යන ආකාරයට මෙම පත්කිරීම් සිදුකරන නිසා ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

මීට අමතරව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසටද ඉල්ලීමක් කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිටත් වඩා‍ සුපිරි බලතල සහිත ඇමති තනතුරක්
ජනපතිටත් වඩා‍ සුපිරි බලතල සහිත ඇමති තනතුරක්
http://ift.tt/2g54ba0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_173.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_173.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy