දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධ්‍යාපන අමාත්‍යාංශයට සුපිරි සැප වාහන 7ක්‌ - වියදම කෝටි 9කට අධිකයි
Homeප්‍රවෘත්ති

අධ්‍යාපන අමාත්‍යාංශයට සුපිරි සැප වාහන 7ක්‌ - වියදම කෝටි 9කට අධිකයි

PropellerAds

අවශ්‍ය තරම් වාහන තිබියදීත් වසර පහකට රුපියල් නව කෝටි හතළිස්‌ පන්ලක්‍ෂයක බදු පදනම මත අති සුඛෝපභෝගී වාහන හතක්‌ කුලියට ගැනීමට අධ්‍යාපන අමාත්‍ය...

රනිල්ව එජාපයෙන් පන්නන්න පුළුවන් - ලියුම සමගි ජන බලවේගය ළඟ
රනිල්ව එජාපයෙන් පන්නන්න පුළුවන් - ලියුම සමගි ජන බලවේගය ළඟ
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ !
අධ්‍යාපන අමාත්‍යාංශයට සුපිරි සැප වාහන 7ක්‌ - වියදම කෝටි 9කට අධිකයි

අවශ්‍ය තරම් වාහන තිබියදීත් වසර පහකට රුපියල් නව කෝටි හතළිස්‌ පන්ලක්‍ෂයක බදු පදනම මත අති සුඛෝපභෝගී වාහන හතක්‌ කුලියට ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා සහ අතිරේක ලේකම්වරුන් හයදෙනා සඳහා මෙම වාහන කුලියට ගැනෙන අතර ලේකම්වරයාගේ වාහනය සඳහා පමණක්‌ වසරක කුලිය රුපියල් පනස්‌ ලක්‍ෂ හැත්තෑහය දහස ඉක්‌මවයි. එතරම් අධික කුලියකට ගැනෙන්නේ අති නවීන බී.එම්.ඩබ්ලිව්. රථයකි.

අමාත්‍යාංශ ලේකම්වරයකුට වාහනයක්‌ බදු කුලියකට ලබාගත හැකි උපරිම මුදල මෙම වාහනය වෙනුවෙන් වැය කෙරේ. හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේන මහතා විසින් පාවිච්චි කරන ලද නිල රථය තිබියදී මෙම නව රිය ලබා ගැනීමට තීරණය කිරීම විශේෂත්වයකි.

මීට අමතරව අතිරේක ලේකම් තනතුරු හය සඳහා ගැනීමට නියමිත වාහන වෙනුවෙන් වසරක කුලිය රුපියල් එක්‌කෝටි තිස්‌අට ලක්‍ෂයකි. ලේකම්වරයා ඇතුළු හත් දෙනාට මෙම වාහන කුලියට ගැනෙන්නේ වසර පහක කාලයක්‌ වෙනුවෙනි. එම කාලය සඳහා වාහන කුලියට ගන්නා පෞද්ගලික ආයතනවලට අමාත්‍යාංශය ගෙවිය යුතු මුදල රුපියල් නවකෝටි හතලිස්‌ පන්ලක්‍ෂයකි. එතරම් මුදලක්‌ ගෙවීමෙන් පසුවද කිසිදු වාහනයක්‌ අමාත්‍යාංශයට හිමි නොවේ.

මෙලෙස වාහන කුලියට ගැනෙන්නේ මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය ප්‍රකාරව යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද නව වාහන කුලියට ගත හැක්‌කේ අදාළ නිලධාරීන් පාවිච්චි කරන වාහන දසවසරක්‌ ඉක්‌මවා ඇත්නම් පමණක්‌ වන අතර දැනට අමාත්‍යාංශයේ ඉහත නිලධාරීන් පාවිච්චි කරන වාහන අතරින් දස වසර ඉක්‌මවා ඇත්තේ එක්‌ වාහනයක්‌ පමණි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධ්‍යාපන අමාත්‍යාංශයට සුපිරි සැප වාහන 7ක්‌ - වියදම කෝටි 9කට අධිකයි
අධ්‍යාපන අමාත්‍යාංශයට සුපිරි සැප වාහන 7ක්‌ - වියදම කෝටි 9කට අධිකයි
http://ift.tt/2hmHKxT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/7-9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/7-9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy