දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙල් සංස්‌ථාවේ 4 ක්‌ IOCයෙහි සිරකර ගනී
Homeප්‍රවෘත්ති

තෙල් සංස්‌ථාවේ 4 ක්‌ IOCයෙහි සිරකර ගනී

PropellerAds

කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ...

දූෂිත නිලධාරීන් පොලිසියෙන් ඉවතට.
පෙට්‍රල් අර්බුදයේ වගකීම රජය භාරගන්නවා - මොකද වුණේ කියලත් හොයනවා -රාජිත, දයාසිරි,ගයන්ත කියයි
ශ්‍රීලංකන් දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි.
තෙල් සංස්‌ථාවේ 4 ක්‌ IOCයෙහි සිරකර ගනී
කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 ) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ (IOC) නිලධාරීන් විසින් සිරකර තබාගෙන ඇතැයි වාර්තා වේ.

අදාළ තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා මෙම නිලධාරීන් විසින් ගෙන ගිය බැකෝ යන්ත්‍රය සහ ඔවුන් ගමන්ගත් මෝටර් රථයද ඉන්දියානු තෙල් සමාගම විසින් තමන් භාරයේ රඳවාගෙන තිබේ.

ඉන්දියානු තෙල් සමාගම විසින් මෙම නිලධාරීන් තිදෙනා සහ අදාළ වාහන පැය ගණනාවක්‌ තමන් භාරයේ රඳවා තබාගෙන ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ මැදිහත්වීම මත පසුව ඔවුන් මුදාහරින ලැබූ බව ඛනිජ තෙල් සංස්‌ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු වන රාජකරුණා මහතා පැවසීය.

ඉන්දියානු තෙල් සමාගම සතුව චීන වරායේ තෙල් ටැංකි 99 ක්‌ ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉන්ධන ගබඩා කිරීම සඳහා ඉන් ටැංකි 16 ක්‌ පමණ ගැනීමට පසුගිය 06 දා ඇමැති මණ්‌ඩලය විසින් තීරණය කර ඇත.

එම තීරණය මත තෙල් ටැංකි තුනක්‌ මාසයක්‌ තුළද, ඉතිරි ටැංකි දහතුන මාස තුනක්‌ ඇතුළතද ඛනිජ තෙල් සංස්‌ථාවට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සැකසීම සඳහා අදාළ ඉංජිනේරුවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනකු දින කිහිපයකට පෙරද චීන වරායේ ඉන්දියානු තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇත.

එහෙත් මෙම තෙල් ටැංකි නිරීක්‍ෂණයට ඉන්දියානු රජයේ අවසරය අවශ්‍ය බව පවසමින් අයි. ඕ. සී. නිලධාරීන් ඛනිජ තෙල් සංස්‌ථා නිලධාරීන් තිදෙනා ආපසු හරවා එවා ඇත.

ඔවුන් තිදෙනා යළි පෙරේදා මෙම චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇති අතර කැබිනට්‌ අනුමැතිය ලබාදුන් තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ඔවුන් ඊයේ බැකෝ යන්ත්‍රයද ගෙන ගොස්‌ ඇත. 

එහෙත් ඒ අවස්‌ථාවේදී ඊට විරුද්ධවී ඇති අයි. ඕ. සී. නිලධාරීන් ඉන්දීය රජයේ අවසරය ලබාගෙන නැතැයි පවසමින් එම නිලධාරීන් තිදෙනා ඔවුන් ගමන්ගත් මෝටර් රථය සහ බැකෝ යන්ත්‍රය සිය භාරයට ගෙන රඳවා තබාගෙන ඇතැයි රාජකරුණා මහතා පැවසීය.

මේ පිළිබඳව තොරතුරු දැනගත් පසු සංස්‌ථාව මැදිහත්වී ඔවුන් මුදවා ගත් බවද රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (29) පස්වරුවේ ලංකා අයි.ඕ.සී නිළධාරීන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙල් සංස්‌ථාවේ 4 ක්‌ IOCයෙහි සිරකර ගනී
තෙල් සංස්‌ථාවේ 4 ක්‌ IOCයෙහි සිරකර ගනී
http://ift.tt/2hyQ4Ob
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/4-ioc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/4-ioc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy