දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දූෂිත නිලධාරීන් පොලිසියෙන් ඉවතට.
Homeප්‍රවෘත්ති

දූෂිත නිලධාරීන් පොලිසියෙන් ඉවතට.

PropellerAds

පොලිස් සේවයට ඇතුළුවී දූෂිතව කටයුතු කරන දුෂ්චරිතවත් පොලිස් ස්ථානාධිපතිවරුන් අතරින් සියයට පනහක් ශුද්ධ කර ඇති අතර ඉතිරි සියයට පනහ මේ වන විටත...

කොරෝනා රෝගියෙක් IDH රෝහලෙන් පනී - රෝගියා අල්ලන්න පොලිසිය ජනතාවගෙන් සහය ඉල්ලයි
වියත් අපව පෙන්වා පරණ දේශපාලන නාටකයමයි - පොහොට්ටුවෙන් තරග කරන වියත්මග අපේක්‍ෂක කියයි
සජිත්ගේ ජනහමුවකට කුණු බිත්තර ගහලා.. අයෙක් අත්අඩංගුවට !

පොලිස් සේවයට ඇතුළුවී දූෂිතව කටයුතු කරන දුෂ්චරිතවත් පොලිස් ස්ථානාධිපතිවරුන් අතරින් සියයට පනහක් ශුද්ධ කර ඇති අතර ඉතිරි සියයට පනහ මේ වන විටත් ශුද්ධ කරමින් සිටින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

විවිධ දේශපාලන හිතවත්කම් සමඟ පස්සා දොරෙන් පොලිසියට පැමිණි එම පොලිස් නිලධාරීන් කවුද යන්න හඳුනාගෙන ඇති බවද පොලිස්පතිවරයා හෙළිදරව් කළේය.

පොලිස් ස්ථානාධිපතිවරුන්ට අමතරව පොලිස් කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද මේ ආකාරයෙන්ම ශුද්ධ කරගෙන යන බව පවසන පොලිස්පතිවරයා පොලිස් කොට්ඨාස 42ක් අතරින් 38ක්ම මේ වනවිට ශුද්ධකර අවසන් බවද පැවැසීය.

‘පිස්සු නටන තවත් සහකාර පොලිස් අධිකාරිවරුන් ගණනාවක් සිටිනවා. ඔවුන් ගැනත් තමා බලාගෙන යන බවද පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ කටයුතු කරන දුෂිත නිලධාරීන් සම්බන්ධව මේ වන විට කරගෙන යන වැඩපිළිවෙළ ගැන සඳහන් කරමින් පැවැසීය.

වර්තමාන පොලීසියේ කිසිම දේශපාලන ඇඟිලි ගැසීමකට ඉඩ නොමැති බව පවසන පොලිස්පතිවරයා සුදුසුකම් නොමැතිව පස්සා දොරෙන් පොලිස් සේවයට පැමිණ විවිධ පුද්ගලයන්ගේ අපරාධ, දූෂණ වංචාවලට සහය වෙමින් දුෂ්චරිතවත්ව කටයුතු කරන කිසිම පොලිස් නිලධාරියකුට තමා අනුකම්පා නොකරන බවත් මේ වන විට එවැනි දේවල්වලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

එහිදී වැරදිකර ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධව පොලිස්පතිවරයා විසින් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන අතර පොලිස් පරීක්ෂකවරයාගේ සිට ඉහළ නිලධාරීන් යම් ආකාරයකින් දුෂිතව කටයුතු කරයි නම් ජාතික පොලිස් කොමිසම, නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා හරහා ඔවුන් සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද පොලිස්පතිවරයා පවසයි.

පොලිස් ස්ථානාධිපතිවරුන්ට උසස්වීම් ලබාදීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. එහිදි අඩුම ලකුණු ලබා ගන්නා පොලිස් නිලධාරීන් කෙරෙහි දැඩි අවධානයකින් කටයුතු කෙරේ.

ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා පොලිස් සේවය පසුගිය කාලය තුළ දැඩි පිරිහීමකට පත්ව ඇති බව පෙන්වා‍ දුන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව අතර කිසිදු වෙනසක් නොමැති තරමට පොලිසිය පිරිහී ඇති බවද පෙන්වා දුන්නේය.

මේ නිසා පොලිසිය තුළ දුෂණ වංචා, යට ගැසීම්, අසාධාරණකම් සහ පක්ෂග්‍රාහිවීම කටයුතු කරන නිලධාරීන් සොයා ඔවුන් සම්බන්ධව කිසිම අනුකම්පාවක් නොදක්වා කටයුතු කිරීමටද පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

පොලිස්පතිවරයා මේ තොරතුරු හෙළිදරව් කළේ ඊයේ කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ප්‍රජා පොලිස් සම්බන්ධිකරණ නිලධාරි පත්වීම් ලබාදුන් අවස්ථාවේදීය.

2005 වසරේදී සංවර්ධන සහකාර නිලධාරීන් ලෙස උපාධිධාරීන් විශාල පිරිසක් පොලිස් සේවයට බඳවාගෙන ඔවුන්ට කිසිදු ස්ථීර රාජකාරියක් හෝ වෙනත් වරප්‍රසාදයක් නොමැතිව වසර 12ක් තිස්සේ පොලිස් ස්ථානවලට වී කාලය ගත කරමින් සිට ඇත.

මෙම උපාධිධාරීන් සහ පොලිසියේ දැනට සිටින උපාධි ලැබු පොලිස් නිලධාරීන්ද එකතු කර ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස ඊයේ 174 දෙනකුට පත්වීම ලබාදීම සිදුවිය.

රටතුළ පවතින විවිධ අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්ද්‍රව්‍ය , මත්පැන් භාවිතය ඇතුලු බරපතල අපරාධ ග්‍රාමිය මට්ටමේ සිට වළක්වා ගෙන මහජනතාවත්, ජාතික ආරක්ෂාවත් පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ප්‍රජා සම්බධීකරණ නිලධාරී වැඩ පිළිවෙළ ආරම්භ කර තිබේ.

ග්‍රාමීය මට්ටමේ සිට ගමේ බුද්ධි තොරතුරු එක්රැස්කර ගනිමින් ඒ හරහා අපරාධ මැඬලීමට පියවර ගැනීම සඳහා එම ප්‍රජා පොලිස් නිලධාරීන් ග්‍රාමසේවා වසම් දාහතර දහස් විසි දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ.

එම ජාතික වැඩපිළිවෙළ හා අපරාධයක අපරාධ මූලයන් සොයා කටයුතු කිරීම තුළින් රටේ අපරාධ නිවාරණය කිරීමේ වැඩපිළිබඳ ක්‍රියාවට නැංවෙන බව පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

මහජනතාවත් පොලීසි‍යත් අතර ඇතිවන ගැටුම් වැළැක්වීම, අපරාධ වැළැක්වීම ප්‍රායෝගිකව සිදුකිරීම සඳහා ප්‍රජා පොලිස් කමිටු වෙත ඊයේ සිට විශාල වගකීමක් පවරා තිබේ.

පොලිස් සේවයට අලුතින්ම එකතු වූ ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ කැපවීම් විශාල වශයෙන් බලාපොරොත්තු වන පොලිස්පතිවරයා ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී උසස්වීම් , ශිෂ්‍යත්ව, විදෙස් පුහුණු ඇතුලු විවිධ වූ වරප්‍රසාද රැසක් ලබාදීමටද පියවර ගෙන තිබේ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දූෂිත නිලධාරීන් පොලිසියෙන් ඉවතට.
දූෂිත නිලධාරීන් පොලිසියෙන් ඉවතට.
http://ift.tt/2yikolL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_927.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_927.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy