ලෝකයේ නිෂ්පාදනය කරන කොරෝනා එන්නතක් නම් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නම් එය ලබන වසරේ මැද භාගය පමණ වනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එ...
ලෝකයේ නිෂ්පාදනය කරන කොරෝනා එන්නතක් නම් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ නම් එය ලබන වසරේ මැද භාගය පමණ වනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එවන් එන්නතක් අධික ශීත තත්ත්වයක් ඇත්තේ ගබඩා කර විශාල පිරිසකට ලබා දීමේදී මෙරටට ප්‍රායෝගික දුෂ්කරතා මතු විය හැකි බවයි.
දැනට එංගලන්තයේ භාවිතයට අවසර දී ඇති එන්නත අධි ශීත තත්වයක් යටතේ තබාගත යුතු බව ද ඔහු කියා සිටියේය.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන තෙක් ශ්‍රී ලංකාව එම එන්නත් ලබා ගැනීමක් සිදු නොකරන බවද ඔහු කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
COMMENTS