රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් රුවන්වැලි සෑ භූමියේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බලපෑම් සිදු කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි. ...
රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් රුවන්වැලි සෑ භූමියේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බලපෑම් සිදු කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීම පිලිබදව එම පොලිස් නිලධාරීන් විසින් තමන් වහන්සේට දැනුත් කලේ යයි රුවන්වැලිමහසෑ විහාරාධිකාරී පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝද සදහන් කර ඇත.
කෙසේ නමුත් තමන් වහන්සේ එකී සිදුවීම සියැසින් නොදුටු නිසා ඒ ගැන කිසිවක් කීමට නොහැකි බවත් සදහන් කර ඇති නාහිමියන් එවන් සිදුවීමක් වුයේ නම් ඒ පිළිබඳව පරීක්‍ෂණ කර නීතිය ක‍්‍රියාත්මක කල යුතු යයි පොලිසියට දැනුම් දුන් බවත් පවසා ඇත.
පසුගිය 05 වැනිදා මධ්‍යම රාත‍්‍රිය ආසන්නයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ඇමතිවරයා තම පවුලේ සාමාජිකයන් හා ආරක්‍ෂකයන්ට රුවන්මැලි සෑ භූමියට ඇතුලු වීමට අවශ්‍ය බව දන්වා ඇත.
නමුත් රාත‍්‍රි 10.00ට එම පූජා භූමිය වසා දමන නිසා ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බව පැවසීම නිසා මෙම ගැටුම්කාරී තත්වය හටගෙන ඇතැයිද සදහන්ය.
COMMENTS