ඉදිරි වසරේදී ශ්‍රී ලංකාවට බලපාන බව පැවසෙන නියඟය පැමිණීම අනිවාර්ය බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. පාර්ලිමේ...
ඉදිරි වසරේදී ශ්‍රී ලංකාවට බලපාන බව පැවසෙන නියඟය පැමිණීම අනිවාර්ය බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (28) පැවැති වැඩමුළුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
වර්ෂාව ඇතිවන්නේ නම් එය වාසනාවක් බවත් නියඟය හරහා වී වගාවට මෙන්ම එළවළු වගාවට බලපෑම් එල්ලවනු ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එයට පිළියමක් වශයෙන් ආහාර ද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීමට පවා සිදුවනු ඇති බවත් නියඟයට මුහුණදීම සඳහා ඇතැම්විට විදෙස් ආධාර පවා ඉල්ලීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසුවේ 1974 වසරෙන් පසු ශ්‍රී ලංකාවට බලපාන දැරුණුම නියඟය මෙය වනු ඇති බවත්, නියඟයට මුහුණදීම සඳහා සාමූහිකව සූදානම් විය යුතු බවත්ය.
වගා කටයුතු සඳහා ජලය බෙදාහැරීම අවම කර ඇත්තේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය ආරක්ෂා කරගැනීමට බවද ඒ මහතා කියා සිටියේය.
ජනතාව අරපිරිමැස්මකින් යුතුව විදුලිය භාවිත නොකරන්නේ නම් 2017 වසරේ විදුලි කප්පාදුවක් පවා සිදුවීමට වැඩි ඉඩක් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා තමන්ට පැවසූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ නියඟයට මුහුණදෙන ආකාරය පිළිබඳ සකස්කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් එළඹෙන 03 වැනිදා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
එසේම මාධ්‍ය මගින් ඒ සඳහා ජනතාව පෙළගැස්විය යුතු බවද හෙතෙම පැවසීය.
COMMENTS