දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2016 දෙසැ. 11 සිට දෙසැ. 17 දක්වා සතියේ පලාපල
Homeගොසිප්

2016 දෙසැ. 11 සිට දෙසැ. 17 දක්වා සතියේ පලාපල

PropellerAds

2016 දෙසැ. 11 සිට දෙසැ. 17 දක්වා සතියේ පලාපල මේෂ – ලාභ ප්‍රයෝජන ලැබේ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් ලබයි. අන්‍යයන්ගේ සහයෝගය ල...

දුම්රිය වර්ජනය නවතී
ට්‍රම්ප්ගෙ දෙවැනියා මෛත්‍රිපාලට කෝල් කරලා - එහේ ඇවිත් යන්න එන්නලු
බත්තරමුල්ලට එස් 300 බෙන්ස් එකක් බස්සපු ඇමති කවුද?

2016 දෙසැ. 11 සිට දෙසැ. 17 දක්වා සතියේ පලාපල


මේෂ – ලාභ ප්‍රයෝජන ලැබේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් ලබයි. අන්‍යයන්ගේ සහයෝගය ලාබිම තුළ තමාගේ කටයුතු
එක්තරා ප්‍රමාණයකට සාර්ථක වනු ඇත. අලුත් කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට ඉඩ ලැබේ. ආර්ථික සහ
මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ආදායම් මාර්ගයක් ලබා ගනී.
දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. සමාජීය සහ ආගමික අංශයට යොමුවීම
තුළ සහනයක්ද සැනසීමක්ද ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් කටයුතුවලට පෙලඹේ.
දුරබැහැර ගමන් කිහිපයක්ම සිදුවේ. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය: නිල්  ජය අංකය: 08

වෘෂභ – වාසි ගෙනදේ
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. වාසි
ගෙනදේ. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ස්වකීය උත්සාහය සහ
කැපවීම් තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. විදේශ ගතවීම්, විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු
යහපත්ය. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ කටයුතු
එක්තරා ප්‍රමාණයකට වුවද සාර්ථක බවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි.
අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ. ආගමික සහ සමාජීය කටයුතුවල යෙදෙමින් දියුණුවක් ලබනු ඇත.
ජය වර්ණය: නිල් ජය අංකය: 06

මිථුන – කල්පනාකාරී වන්න
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට බාධා ප්‍රමාදතාවන් ඉස්මතු කළ හැකි
බැවින් තරමක් බුද්ධිමත්වද විමසිලිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේනම් ආකූලතා සහ ව්‍යාකූලතා ඉස්මතු
කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. තමාගේ වියදමට සරිලන ආදායම්
නිතරම ලැබෙනු ඇත. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශයේ
කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන
තරමක් ප්‍රවේශම් විය යුතුයි. වැටීම් තැළීම් තුවාල පීඩාදියට ඉඩ පවතී.
ජය වර්ණය: රන්වන් ජය අංකය: 03

කටක – කරදර බාධා
තම කටයුතු කරගෙන යාමේදී ශාරීරික පීඩාවක් ඇතිවේ. බලා‍පොරොත්තු නොවූ අයගේ ආශ්‍රයට වැටී
කටයුතු කිරීමට සිදුවේ. තම කටයුතුවලදී විටින් විට බාධා අවහිරතාවන්ටද මුහුණ පෑමට සිදුවේ. වෘත්තීය
අංශයේදී තමරක් සැලකිලිමත් වන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට
යොමු වීම තුළ ආර්ථික වාසි ලබා ගත හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ද තරමක් සැලකිලිමත් වන්න.
සමාජීය සහ ආගමික අංශයේ කටයුතුවලට නැඹුරු වේ. එමගින් යහපත් ප්‍රතිඵලයක්ද උදා කර ගනී.
විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය.
ජය වර්ණය: නිල්  ජය අංකය: 06

සිංහ – ආගම දහමට නැඹුරුවක්
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා
කර ගත හැක. අලුත් කටයුතු කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු සිදුවේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන්ද
අයහපත් නොවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගතයි. කෙසේද වුවත් වෙනදාට වඩා
ආගමික හා සමාජීය අංශයට වැඩි නැඹුරුවක් පෙන්වයි. ඒ තුළින් සිතට සහනයක්ද සැනසීමක්ද උදා කර ගනු
ඇත. ගෙදරදොර කටයුතු, යුග දිවිය සම්බන්ධ කටයුතු යහපත් ආකාරයට සිදුවේ. සමගිය සාමය සුරක්ෂිත වනු
ඇත. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථික ප්‍රතිපලයක් උදා
කරගත හැක.
ජය වර්ණය: රතු  ජය අංකය: 09

කන්‍යා – ආර්ථිකය ශුභයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට නැඹුරුවීම තුළින් සාර්ථක ප්‍රතිඵලයක්
ලැබිය හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. වාසි සහගත තත්ත්වයක් උදා කරයි.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය.  උත්සාහයේ තරමට ප්‍රතිපල ලබා ගනී. අලුත් කටයුතු
කිහිපයකටද සැලසුම් සකස් වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ
කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ
සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. විටෙක තම කටයුතුවලට සුළු සුළු බාධා ඇතිවේ. ගමන් බිමන් අධික
වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් වන්න.
ජය වර්ණය: රන්වන්  ජය අංකය: 03

තුලා – මිශ්‍රපලයි
පවත්නා ග්‍රහ ගෝචරයන් මධ්‍යයේ වුවද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා
කටයුතු සම්බන්ධයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක්ද, උදා කරනු ඇත. ආර්ථික සහ මූල්‍යමය වශයෙන්
ශුභදායක වුවත් විටෙක වියදම් පක්ෂය ඉහළ යනු ඇත. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී
විය යුතුයි. ගෙදර දොර කටයුතු සාර්ථකයි. යුග දිවියේදී සමගිය සාමය ගැන අහිතකරතා ඇති නොවේ.
දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල නියුක්තව සිටින අයට යම් යම්
බාධා අවහිරතා ඉස්මතු විය හැකි නිසා උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක.
ජය වර්ණය: රතු  ජය අංකය: 09

වෘශ්චික – බාධා සහිතයි
රවි හත්වැන්නේ සෙනසුරු සමග ගමන් කිරීම අයහපත් ප්‍රතිඵල උදා කරයි. එම නිසා තම කටයුතු කරගෙන
යාමේදී තරමක කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුය. එසේ කිරීම තුළ පමණක් සාර්ථක
ප්‍රතිඵල ලැබිය හැක. වෘත්තීය සහ රැකියා අංශයේදී විටින් විට බාධා ගෙනදේ. හවුල් කටයුතුවලදී
වඩාත් කාල්පනාකාරී විය යුතුයි. මිල මුදල් ලැබිම තුළ යහපත් වුවත් මිල මුදල් නාස්තිවීම් පෙන්වයි.
තමාගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් වන්නේ ස්වකීය උත්සාහය තුළයි. අධ්‍යාපන කටයුතුවල
යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට මාර්ගය සැලසේ. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය: නිල්  ජය අංකය: 06

ධනු – අලුත් ඉගෙනීම් ඇතිවේ
දැනට පවත්නා ග්‍රහ ගෝචරයන් තුළ සාමාන්‍ය දියුණුවට යහපත්ය. යහපත් අය සමග මිත්‍ර සම්බන්ධකම්
බැඳ ගැනීමට හෝ ආශ්‍රය කිරීමට අවස්ථාව සැලසේ. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියුක්තව සිටින අයට
ශුභදායකයි. වෘත්තීය ආර්ථිකය යන දෙඅංශයෙන්ම කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනී. අවට
කරුණුවලින් සහ ආශ්‍රය කරන්නන් අතර සිත් සතුටට කරුණු සැලසේ. සතුරු කරදර බාධා ඉස්මතු වුවද ස්වකීය
උත්සාහය තුළ සතුරු කරදර මැඩ පවත්වාගෙන තම කටයුතු සාර්ථක කර ගතහැක. අලුත් ඉගෙනීම්වලට
මාර්ගය සලසා ගැනීමට අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ඉඩ ප්‍රස්ථාව සැලසේ. ගමන් බිමන්
අධික වනු ඇත.
ජය වර්ණය: කොළ  ජය අංකය: 05

මකර – සමපලදායකයි
මතෛක් කරගෙන යන වැඩකටයුතුවලදී ඔබ බලා‍පොරොත්තු වන තරමටම සාර්ථක ප්‍රතිඵල උදා නොවේ.
සාමාන්‍ය වශයෙන් දියුණුවට අවශ්‍ය කරුණු සලසා ගත හැක. වෘත්තීය සහ රැකියා අංශයේදී ඔබ
බලා‍පොරොත්තු වන ශුභදායක වාතාවරණයක් ඇති නොවේ. තම ආදායම් තත්ත්වයේ කිසියම් අඩුවීමක්
පෙන්වයි. ආදායම් ලැබුනද යමක් ඉතිරි කර ගැනීමට අපහසු වේ. මිල මුදල් වියදම් අධිකයි. දරුවන්ගේ
කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්
වේ. උත්සාහයේ තරමට දියුණුවක් ලැබේ. ගමන් බිමන් අධික වේ. පාද ආශිත පීඩා හටගනී.
ජය වර්ණය: ක්‍රීම් පාට  ජය අංකය:  02

කුම්භ – කල්පනාකාරී විය යුතුයි
පවත්නා ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ වැඩකටයුතු කරගෙන යාමේදී තරමක් බුද්ධිමත්වද කල්පනාකාරීවද
ක්‍රියා කළ යුතුයි. විශේෂයෙන්ම වෘත්තීය අංශයේදී ආකූලතා සහ ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි නිසා
තරමක් විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. තමාගේ වියදමට
සරිලන අන්දමට ආදායම් ලැබේ. දුරබැහැර ගමන් කිහිපයක්ම යෙදෙනවා ඇත. ගෙදරදොර කටයුතු
සාමාන්‍ය අන්දමට සිදු වේ. යුගදිවියේදී ගැටලුකාරී තත්ත්වයක් ඉස්මතු නොවේ. දරුවන්ගේ කටයුතු
සාමාන්‍යයි. ඉගෙනීම් කටයුතු කරන අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා
කරගත හැක.
ජය වර්ණය: රතු  ජය අංකය: 01

මීන – මිශ්‍රපලයි
ඉඩකඩම් දේපළ සම්බන්ධ කටයුතු කෙරෙහි අවධානය යොමු වේ. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක්ද
උදාකර ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට සතුරු කරදර බාධා ඉස්මතු
වුවද ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක. මිල මුදල් ලැබිම ආදායම් වර්ධනය
යහපත්ය. තමාගේම උදව් ගත් කෙනෙකුගේ ක්‍රියාකලාපය තුළ තම කටයුතු කරගෙන යාමේදී බාධා
අවහිරතාවයන්ට මුහුණපෑමට සිදු විය හැක. ගෙදර දොර කටයුතු යහපත් වේ. දරුවන්ගේ කටයුතු
සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේය. ආගමික සහ සමාජීය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් ගෙනදේ.
ජය වර්ණය: කොළ  ජය අංකය: 05

– ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී ජී.ඇම්. ගුණපාල –
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2016 දෙසැ. 11 සිට දෙසැ. 17 දක්වා සතියේ පලාපල
2016 දෙසැ. 11 සිට දෙසැ. 17 දක්වා සතියේ පලාපල
http://ift.tt/2gqwJdW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/2016-11-17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/2016-11-17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy