මේ වනවිට මෙරට ක්‍රියාත්මක වන්නේ නීතියේ ආධිපත්‍යයක් නොව අගමැතිවරයාගේ ආධිපත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ ...
මේ වනවිට මෙරට ක්‍රියාත්මක වන්නේ නීතියේ ආධිපත්‍යයක් නොව අගමැතිවරයාගේ ආධිපත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) සමාජවාදී ජනතා පෙරමුණ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු ආරම්භකළ යුතු වුවද එය නීතිපති කාර්යාලයෙන් සිදුනොවූ බවත් අගමැතිවරයා එම ධූරයේ සිටින තාක්කල් එය සිදුනොවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, " මේ වෙලා තියෙන සිද්ධි බැලුවහම වෙන රටක නම් අගමැතිවරයෙක් දහවරක් අයින් වෙලා. මේ වගේ විශාල මිලියන එක්දහස් හයසීයයක අලාභයක්, වංචාවක් මේ රටේ ජනතාවට කරලා ඒ ඔක්කෝම දැන් අතට අහුවෙලා තියෙන වෙලාවේ අගමැති කොටුවෙලා ඉන්නේ. මෙහෙමනම් නීතියේ ආධිපත්‍ය තියෙන්නේ වලපල්ලේ. දැන් තියෙන්නේ අගමැතිගේ ආධිපත්‍යය" යනුවෙන් පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS