සෞදි අරාබියේදී මාස 09ක බිළිඳියක් මියයාමේ සිද්ධියකට මරණ දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් එම දඬුවමෙන් නිදහස් වී යළි දිවයිනට පැ...
සෞදි අරාබියේදී මාස 09ක බිළිඳියක් මියයාමේ සිද්ධියකට මරණ දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් එම දඬුවමෙන් නිදහස් වී යළි දිවයිනට පැමිණ තිබේ.
මෙයට පෙර සෞදි අරාබියේදී මරණ දඩුවමට ලක්ව මියගිය රිසානා නෆීක් පිළිබඳ මතකය මේ වනවිට මෙරට සමාජයෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහෙමින් පවතින කාලයක යළිත් ඇය සිහිපත් කරවන මෙම පුවත ඊයේ (16) වාර්තා විය.
මෙලෙස නිදහස ලබා යළි මෙරටට පැමිණ ඇත්තේ 29 හැවිරිදි මානික්කම් රාණි නමැති ගලේවෙල - 44 කණුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
පිරිසිදු කරන්නියක ලෙස රට රැකියාවට ගොස් ඇති ඇයට හිමිව ඇත්තේ එම රැකියාව නොව නිවසක දරුවන් 06 දෙනෙකු තනිවම බලාකියා ගැනීමටය.
ඒ අතරතුර ඇය සේවය කළ නිවසේ කුඩා බිළිඳියක් 2014 වසරේ නොවැම්බර් 15 වනදා සූප්පුවක් උගුරේ සිරවීමෙන් මියගොස් ඇත.
දරුවාගේ මුඛයෙහි සූප්පුව සවිකළ බෝතලය මාණික්කම් රාණි විසින් තබා තිබූ අතර, ඒ අනුව මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ හාම්පුතුන් ඇයව පොලීසියට භාරදී තිබේ.
ඉන් අනතුරුව වසර 10 ක සිර දඩුවමකින් පසු ඇය ගෙළ සිඳ ඝාතනය කිරීමට සෞදි අධිකරණය නියෝග කර ඇත.
කෙසේ වෙතත් සිද්ධියට අදාළව ලංකා රජයෙන් සිදුකළ කරුණු දැක්වීම්වලින් පසු ඇයට වසර එකහමාරක සිර දඩුවමක් ලබාදී නිදහස් කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව එම සිර දඩුවම් කාලය ගෙවා අවසන් කිරීමෙන් පසු ඇය මෙලෙස ඊයේ යළි තම මව් රටට පැමිණියාය.
වීඩියෝව පහතින්.
COMMENTS