ඉල්ලීම් 04ක් මුල් කරගෙන දෙසැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව දුම්රිය සේවා වෘත්තිය සමිති සාමූහ...
ඉල්ලීම් 04ක් මුල් කරගෙන දෙසැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව දුම්රිය සේවා වෘත්තිය සමිති සාමූහික සන්ධානය පවසයි.
ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු, දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න, දුම්රිය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම් සම්පත් රාජිත සහ එම පෙරමුණේ භාණ්ඩාගාරික චන්ද්‍රසේන බණ්ඩාර යන මහත්වරුන් මේ බව කියා සිටියේය.
මේ අතර ඊයේ කොළඹ තවත් මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ පළමුවැනිදා පැවැත්වෙන බස් වර්ජනය සඳහා තම සංගමයේ සභාගීත්වය ලබාදීම පිළිබඳ තීන්දුව අද (30) පස්වරුවේදී තීරණය කරන බවයි.
වීඩියෝව පහතින්.
COMMENTS