යුද්ධයෙන් පසුව ආරක්ෂක අංශ වෙත භාරවී සිටි 12,000කට අධික පිරිසක් මේ වනවිට පුනරුත්තාපනය ලබා නිදහස් වී ඔවුන්ගේ නිවාස වල පදිංචිවී ඇති අතර ඉන් ප...
යුද්ධයෙන් පසුව ආරක්ෂක අංශ වෙත භාරවී සිටි 12,000කට අධික පිරිසක් මේ වනවිට පුනරුත්තාපනය ලබා නිදහස් වී ඔවුන්ගේ නිවාස වල පදිංචිවී ඇති අතර ඉන් පසුව ඔවුන්ට දෛනිකව බලපාන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ වැඩසටහනක් පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය මගින් ආරම්භ කර තිබේ.
මෙහි එක් පියවරක් ලෙස ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පුනරුත්තාපනය ලැබූවන්ගෙන් ත්‍රිකුණාමලයේ පදිංචිව සිටින 500ක් පමණ දෙනාගෙන් 65දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.
වව්නියාව, පූන්තොට්ටම් පුනරුත්තාපන සම්බන්ධීකරන කාර්යාලයේ අධීක්ෂණයෙන් හා මඟපෙන්වීමෙන් ත්‍රිකුණාමලයේ පසුවිපරම් කාර්යාලයේ සංවිධානයෙන් රාජ්‍ය නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවීම මගින් පුනරුත්තාපනයවූවන්ගේ ඉඩම්, නිවාස, යටිතල පහසුකම්, රැකියා හා සමාජ සුභ සාධන කටයුතු ආදී දෑ සම්බන්ධයෙන් පවතින ගැටලු ඍජුවම ඉදිරිපත් කොට එම අවස්ථාවේදීම ඔවුන්ට අවශ්‍යය විසඳුම් ලබාදීම සිදුවිය.
මෙවැනි වූ වැඩසටහන් ඉදිරියේදීත් උතුරු - නැගෙනහිර පළාත්හි සිදුකිරීමට පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS