මු ස්ලිම් සහ සිංහල ජාතීන් අතර භේද ඇතිකරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට එජාපය ගෙන යන උපක්‍රම නවතා දැමීමට සහ මැතිවරණ ලබා ගැනීම වෙනුවෙන...
මුස්ලිම් සහ සිංහල ජාතීන් අතර භේද ඇතිකරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට එජාපය ගෙන යන උපක්‍රම නවතා දැමීමට සහ මැතිවරණ ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් සටනක් ආරම්භ කර නැතැයිද එම පෙරමුණ රටේ ජාතික කොඩිය සහ සුබසාධන කොඩිය අතට ගෙන එජාප ආණ්ඩුවට එරෙහි විය යුතු කාලය එළඹ ඇතැයිද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසනවා.
රටෙහි ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් ඇති ගිවිසුමක් වන සෝෆා ගිවිසුමට ශ්‍රී ලංකාව අස්සන් තැබුවහොත් රටේ ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම නැති වී යන බව රටෙහි විද්වතුන් පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයිද පැවැසූ වාසුදේව නානායක්කාර මහතා ස්ත්‍රියක් දරුවන් නැති කෙනකු බවට පත්කිරීම සඳහා පැලෝපීය නාළ අවහිර කිරීම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකුට ඉතා සුළු කාරණයක් බව තමාට වෛද්‍ය වෘත්තියේ නියැළෙන මහාචාර්යවරුන් පැවැසූ බවද හෙළි කළා.
ඒ මහතා මේ බව පැවැසුවේ කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
හෙතෙම මෙසේද කීය.
මේ රටේ අද අසමත් වෙලා තියෙන්නේ එජාප ආණ්ඩුවයි. ඒකට පාර්ලිමේන්තුවේ ඉන්න සේරම මන්ත්‍රිවරුන් පළි නැහැ. නමුත් එජාපය හදනවා මතයක් ගොඩනැඟීමට පාර්ලිමේන්තුව එපා. මන්ත්‍රිවරු 225 එපා. දේශපාලනය එපා කියලා. ඡන්ද නැති තත්ත්වයකුයි එජාපයට අවශ්‍ය වෙලා තියෙන්නේ.
රොබට් බ්ලේක් කියන හිටපු ඇමෙරිකානු තානාපතිවරයා පසුගියදා ලංකාවට පැමිණියා. ඔහුගේ සත්කාරකයා වුණේ මිලින්ද මොරගොඩ මහතායි. බ්ලේක් මහත්තයා ගෝඨාභය රාජපක්ෂට ප්‍රශංසාවකුත් කරලා තිබුණා. ඔහු කියන්නේ ගෝඨාභය මහතා ඇතුළත් වූ එක දේශපාලන පෙරමුණක් ඇතිවිය යුතුයි කියලයි. ගෝඨාභය මහතා ජනාධිපති අපේක්‍ෂකයෙක් විධියට දැන් මතුවී ගෙන එනවා. නමුත් එජාපයට එහෙම කෙනෙක් නැහැ.
සියලු දෙනා එක්තැන් කළයුතු දේශපාලනයක් අවශ්‍යයි කියලයි මිලින්ද මොරගොඩ මහතා කියන්නේ.
ඇමෙරිකාවට අවශ්‍යයි ලංකාවේ ස්ථානගත වෙන්න.
මේ රටේ බෝම්බ පිපිරීමක් ඇතිවුණාට පස්සේ අගමැති කියනවා ආරක්ෂක මණ්ඩලයට ඔහුට ආරාධනා කළේ නැහැයි කියලා. නමුත් එතුමා ඒ බව රටට කිව්වේ නැහැ. අගමැතිතුමා මේ සිදුවීම පිළිබඳව දැනගෙන සිටියා. මේ සැලැස්මවල්වල තිබුණේ ඇමෙරිකානු හමුදාව මෙරටට ගෙන්වා ගැනීමයි.
සෞදි අරාබිය කියා තිබෙනවා. කොමියුනිස්ට්වාදය නතර කිරීමට වහාබ්වාදයත් ත්‍රස්තවාදයත් පතුරවන ලෙසට ඇමෙරිකාව උපදෙස් දුන් බව. ඇමෙරිකාවයි සෞදි අරාබියයි ළඟම මිත්‍රයන්. අද ඇමෙරිකාව, චීනය සහ ඉරානය සමඟ සටනකට පැටලිලායි ඉන්නේ. භෞතික පිහිටීම අනුව මේ වන විට ලංකාව අවශ්‍යයි ඇමෙරිකාවට. නමුත් ඇමෙරිකාව සූදානම් වූ දෙය ඇමෙරිකාවට කරගන්න බැරිවුණා.
ඉන්දියාවේ මෝදි දිනලා තිබෙනවා. පොදු ජනතාව බෙදලයි ඔහු දිනුවේ. හින්දු, මුස්ලිම් වශයෙන් බෙදුවා. මෝදි දක්ෂිණාංශ ප්‍රතිපත්තියක්. මේ රටේ ජනතාව ඒකරාශී විය යුත්තේ අධිරාජ්‍යවාදයට එරෙහිවයි.

COMMENTS