ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග ඊයේ (...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
සිසුවා වෙනුවෙන් මෙහිදී විශේෂ තිළිණයක්ද ජනපතිවරයා විසින් පිරිනැමූ බවත් ඔහුගේ ඉදිරි අධ්‍යාපන සාර්ථක කර ගැනීමට ආශිර්වාද කළ බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.
එම සිසුවා ජනපතිගේ නිල වෙබ් අඩවියට දින දෙකක් ඇතුළත දෙතවතාවක් අනවසරයෙන් ඇතුළු වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති ගැටලු ගැන මෙන්ම උපදෙස් කිහිපයක්ද එහි සටහන් තැබූ බවට වාර්තා වී තිබිණ.
COMMENTS